ශ්‍රී රංගා ස්වර්ණවාහිනියෙන් එළියට දාලා : කාමරෙත් සීල් !

ශ්‍රී රංගා ස්වර්ණවාහිනියෙන් එළියට දාලා : කාමරෙත් සීල් !

ස්වර්ණවාහිනී රුපවාහිනියේ 'චැනල් හෙඩ්' ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ආයතනයෙන් ඉවත්කර ඇති බව වාර්තා වෙයි.

ඉවත්කරලීම සිදුකර ඇත්තේ  කිසිඳු දැනුම්දීමකින් තොරව බවත් දැනගන්නට ඇත.

ඔහුගේ කාර්යාල කාමරයට 'සීල්' තබා  ඇති එම ආයතනයේ වත්මන් පාලන අධිකාරිය, ඔහුට ආයතනයට ඇතුල්වීමට ඉඩනොදෙන්නයි ආරක්ෂක නිලධාරීන්ට දැනුම්දීමක් ද කර තිබෙන බවත් වාර්තා වෙයි.

ඔහුව මෙසේ ඉවත් කිරීමට හේතුව මෙතෙක් අනාවරණයවී නැතත් ආයතනයේ සේවකයින් පවසන්නේ මොහු ලන්ඩනයේ සිටින ආයතන ප්‍රධානින් සමග ගැටුමක් ඇතිකර ගෙන තිබු බවයි.

එසේම සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් ඇති තවත් කරුණ ක් වන්නේ ජේ. ශ්‍රී රංගා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නම යොදාගෙන විවිධ බලපෑම් සහ ආයතන අභ්‍යන්තරයේ වෙනස් කරන්න යාමෙන් මේ තත්ත්වය ඇතිවූ බවය.

EAP එදිරිසිංහ ව්‍යාපාරය සතු ස්වර්ණවාහිනිය මිලට ගෙන මේවනවිට පවත්වාගෙන යන්නේ, සිංගප්පූරුවේ ‘බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට්’ (BLUE SUMMIT CAPITAL MANAGEMENT PTE. LTD.) සමාගම විසිනි. බෙන් හෝල්ඩින්ග්ස් (Ben Holdings ) නම් දේශීය සමාගමක් විදෙස් සමාගමේ දේශීය ඒජන්තයා ලෙස කටයුතු කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න