වෝහාරික විගණන වාර්තාවෙන් නඩු යන පොටක් සොයා : ජවිපෙ නීතිය පීරයි !

වෝහාරික විගණන වාර්තාවෙන් නඩු යන පොටක් සොයා : ජවිපෙ නීතිය පීරයි !

වංචාසහගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවැරීමට ඇති හැකියාව පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ විසින් සොයා බලමින් සිටින බව එම පක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඊට අනුව වත්මන් රාජපක්ෂ ආණ්ඩුව බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පිරිස්වලට එරෙහිව කඩිනමින් නඩු පවරන බවට පවසා බලයට පැමිණියද ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරන බැවින් මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නඩු පැවැරිය හැකිදැයි සොයාබලන්නේ යැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති  ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති දන්වා ඇත.

මෙම ගනුදෙනුවේදී සේවක අර්ථසාක අරමුදල අවභාවිත කර ඇති බවට සාක්ෂි ඇති බැවින් මෙමගින් තමන්ට අගතියක් වී ඇති බවට ඕනෑම පුරවැසියකුට අධිකරණයට යාමට හැකියාව තිබිය යුතු යැයිද සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ ස්ථාවරය වී තිබේ.

බැඳුම්කර ගනුදෙනුවට වත්මන් ආණ්ඩුවේ හිතෛශීන්ගේ නම් ද ගෑවී ඇතැයි කී හෙතෙම එමනිසා ආණ්ඩුව ඊට එරෙහිව නීතිමය පියවරවලට යනු ඇතැයි අපේක්ෂා කිරීමට අපහසු බවත් රාජ්‍ය  මූල්‍ය පාලන බලය පාර්ලිමේන්තුව සතු යැයි ව්‍යවස්ථාවේ තිබෙන වගන්තිය ක්‍රියාත්මක වීම සම්පූර්ණ වන්නේ නඩු පැවරීම්ද සිදුවුවහොත් පමණක් යැයිද සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න