විශ්වවිද්‍යාල කියන්නේ වෘත්තීය පුහුණු ආයතන නොවෙයි : ධම්ම දිසානායක

විශ්වවිද්‍යාල කියන්නේ වෘත්තීය පුහුණු ආයතන නොවෙයි : ධම්ම දිසානායක

විශ්වවිද්‍යාල යනු ඥාන සම්පාදන ව්‍යුහයක් මිස වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් නොවන බව සබරගමුව හිටපු ආණ්ඩුකාර, කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්ම දිසානායක පවසයි.

ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්ම දිසානායක එබව සඳහන් කර සිටියේ, කථිකාචාර්ය දිලන්ත විතානගේ විසින් මෙහෙයවන 'ලීඩර් ටීවී' හි  ''සිතමු'' වැඩසටහනට එක්වෙමිනි.

මෙරට විශ්ව විද්‍යාල තුලින් අපේක්ෂා කරන ප්‍රතිපල ලැබී ඇද්දැයි දිලන්ත විතානගේ කළ විමසීමේදී එබව පැවසු ධම්ම දිසානායක තවදුරටත් මෙසේද සඳහන් කරයි.

'' විශ්ව විද්‍යාල වලින් උගන්වන ඒවා රැකියා වෙළඳපොළට ගැලපෙන්නේ නැහැ කියලා චෝදනාවක් තියනවා. එත් විශ්ව විද්‍යාල කියන්නේ රැකියා වෙළඳපොළට සහතික දෙන ආයතන නෙමෙයි. වෙළෙන්දන්ට ඕන විදියේ රැකියා වෙළඳපොළක් නෙමෙයි. ඒවාට වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන තියනවා. 

විශ්ව විද්‍යාලයකින් විය යුත්තේ අපේ කියන දැනුමක් ඥානයක් රටට දායාද කිරීම. විශ්ව විද්‍යාල පාඨමාලා අලුත්වුනාට වැඩක් නැහැ, අලුත්වන දැනුම කාගේද කියන, කා සඳහා ද කියනත් ඉතාමත් වැදගත්...''

''විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට රැකියාදීම ආණ්ඩුවක වගකීම නොවේ''

විශ්වවිද්‍යාලවලින් පිටවන සැමට රැකියා ලබාදීම ආණ්ඩුවේ වගකීමක් නොවන බවද කථිකාචාර්ය ධම්ම දිසානායක මෙම සම්මුඛ සාකච්ජාවේදී අවධාරණය කර සිටියි.
ආණ්ඩුකාර ධුරයේ අද්දැකීම් ද පාදක කර ගනිමින්, රාජ්‍යය නමැති සංකල්පය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ධම්ම දිසානායක, පවතින රාජ්‍ය අපේ නොවන බවට ජනතාව තුල හැඟීමක් පවතින බවත් කියා සිටියි.

'' තවදුරටත් රාජ්‍ය අපේ නොවන බවට ජනතාව තුළ හැඟීමක් තියනවා. පාර්ලිමේන්තුවේ 225 එලවමු කියලා ඇතැමුන් කියන්නේ ඒනිසා. 

ප්‍රතිපත්ති සැලසුම් කිරීම පාර්ලිමේන්තුවේ උදවියට පැවරුන වගකීමක් වුනාට ජනතාව තෝරලා එවන්නේ ඒවාට සරිලන මිනිස්සු නෙමෙයි. බලය ගන්නේ සල්ලි හම්බකරන්න. ලිංගික අවශ්‍යතා වෙනුවෙන් .. 

අපේ රටේ පාලකයින් බුද්ධිමතුන්ව නොරුස්සන ගතියක් තියනවා. බුද්ධිමතුන් ගෙන් වැඩක් ගන්නේ නැහැ. ''

ජනපතිගේ අවධානයට : බුද්ධිමතුන් රාජ්‍යයට එක්කර ගැනීමට මගක් !

මෙරටේ බුද්ධිමතුන් රාජ්‍යයට එක්කර ගැනීම සඳහා මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතු බවද ඔහු කියා සිටියි.

'' මේ මැතිවරණ ක්‍රමය ප්‍රජාතන්ත්‍ර විරෝධියි. පක්ෂ සංවිධාන හැරුනවිට තනි පුද්ගලයින්ට මැතිවරණවලට ඉදිරිපත් වෙන්න අවස්ථාවක් අපේ මැතිවරණ ක්‍රමය තුල නැහැ. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ අවධානය වහාම යොමුවිය යුතුයි.

යම් අයකුට කණ්ඩායමකින් නැතුව තනිවම මහ මැතිවරණයකට ඉදිරිපත්වීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැලසුනොත් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට එවි. නැතුව පවතින දේශපාලන මඩ ගොහොරුවේ මේ රටේ බුද්ධිමතුන්ට තැනක් නැහැ. සල්ලිත් නැහැ. 

ලංකාවේ පක්ෂ නැහැ , කල්ලි තියන්නේ !

ලංකාවේ පක්ෂ නැතැයි පවසන කථිකාචාර්ය ධම්ම, මේ රට ගොඩනගන්න දැවැන්ත සමාජ ව්‍යාපාරයක් අවශ්‍ය බවද අවධාරණය කර සිටියි.

කතිකාචාරය දිලන්ත විතානගේ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක පැවති කාලින වශයෙන් වැදගත් කරුණු රැසක් ඇති සම්පුර්ණ සංවාදය පහත වීඩියෝ වෙන් බලන්න

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න