සිරිසේන දෙවැනියට වැටෙයි : නව සන්ධානයේ තනතුරු 3යි !

සිරිසේන දෙවැනියට වැටෙයි : නව සන්ධානයේ තනතුරු 3යි !

ශ්‍රීලනිපය හා ‌පොහොට්ටුව ඒකාබද්ධව තරග කිරීම ‌සදහා ‘ශ්‍රී ලංකා නිදහස් ‌පොදුජන සන්ධානය’ පිහිටුවීමට අයදුම්පතක් අද (17) මැතිවරණ කොමිසන් සභාව වෙත ඉදිරිපත් කර ඇත.

මෙහිදී  ‌පොදු ලකුණක් යටතේ මහමැතිවරණයට තරග කළ යුතු බව කී ශ්‍රීලනිපය තම ස්ථාවරය වෙනස් කරගෙන  ‌මේ වනවිට ‌පොහොට්ටුව ලකුණ යටතේ තරග කිරීමට එකගතාව පළ ‌කොට ඇත.

මීට අමතරව නව සන්ධානයේ සමනායකත්වය අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති  ‌මෛත්‍රීපාල සිරිසේන  ‌දෙදෙනා අතරේ ‌‌බෙදී යායුතු බව මුලින් ශ්‍රීලනිපය කියා සිටියත් නව සන්ධානයේ නායකත්වය අගමැති  මහින්ද රාජපක්ෂ හට ලබාදී ඇත.

හිටපු ජනාධිපති  සිරිසේන හට එහි ‌දෙවැනි තැන වූ සභාපති ධූරය ලබාදීමට පියවර ‌ගෙන ඇත.

නව සන්ධානයේ සෙසු නිල තල පහත දැක්වෙයි.

පක්ෂයේ ලේකම් – බැසිල් රාජපක්ෂ

පක්ෂයේ නියෝජ්‍ය සභාපති – අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

පක්ෂයේ නියෝජ්‍ය ලේකම් – අමාත්‍ය මහින්ද අමරවීර

පක්ෂයේ ජාතික සංවිධායකවරුන් ලෙස – අමාත්‍ය දයාසිරි ජයසේකර හා විමල් වීරවංශ

පක්ෂයේ උපලේකම් – උදය ගම්මන්පිල

පක්ෂයේ උපසභාපතිවරුන් ලෙස – තිස්ස විතාරණ, අමාත්‍ය වාසුදේව නානායක්කාර හා ඩිව්. ගුණසේකර.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න