පොහොට්ටු ආණ්ඩුවෙන් ජිනීවා වෙත : අළුත් යෝජනා 5ක් !

පොහොට්ටු ආණ්ඩුවෙන් ජිනීවා වෙත : අළුත් යෝජනා 5ක් !

නව පරීක්ෂන කොමිසමක් පත්කිරීම ඇතුළු යෝජනා පහක් ලබන 24වන දින ජිනීවාහි ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට  ඉදිරිපත් කිරීමට පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ.

මෙම යෝජනා මගින් කියැවෙන්නේ යුද්ධයේ අවසන් සමයේ සිදුවූ බවට කියැවෙන මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් සොයා බැලීමට දේශීය යාන්ත්‍රණයන් සකස් කරන බවත් ඒ සදහා මේතාක් පිහිටුවන ලද පරීක්ෂන කොමිෂන් සභාවන්හි වාර්තා පරීක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගෙන් සමන්විත අලුත් කොමිසමක් පිහිටුවන බවයි.

මෙම යෝජනා සම්බන්ධයෙන් අදහස් දැක් වූ මානව හිමිකම් ක්‍රියාදරයකු පැවසුවේ, මෙම නව යෝජනා රාජපක්ෂවරුන්ගේ හුදු උප්පරවැට්ටියක් පමණක් බවයි.

මෙයට පෙර රාජපක්ෂ ආණ්ඩු විසින්ම පත් කල එවැනි කොමිෂන් සභා තීරණ හමස් පෙට්ටියට යැවූ පරිදි මෙම කොමිෂන් සභා තීරණ ද කඩදාසිවලට පමණක් සීමා වනු ඇතැයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.අදාළ යෝජනා පහත දැක්වෙයි.

(srilankabrief.org)

SL to Geneva 01

SL to Geneva 2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න