මහින්දව විදුලි පුටුවෙන් බේරාගත් හැටි : මංගල කියයි (වීඩියෝ )

මහින්දව විදුලි පුටුවෙන් බේරාගත් හැටි : මංගල කියයි (වීඩියෝ )

යහපාලන රජය විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙන්ම චෝදනාවලට ලක්ව සිටි හමුදා නිලධාරීන් විදුලි පුටුවෙන් බේරගත්තේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව හා තවත් රටවල් කිහිපයක් සම අනුග්‍රාහකත්වයෙන් ඉදිරිපත් කල ආන්දෝලනයට ලක්ව ඇති යෝජනාවලිය තුලින් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් එබව පැවසු මංගල සමරවීර හිටපු විදේශ ඇමතිවරයා, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

''ගරු කතානායකතුමනි, හිටපු විදේශ ඇමතිවරයා හැටියටත් 30 (1) ජිනීවා  යෝජනාව ඉදිරිපත් කරපු ඇමතිවරයා හැටියටත් මම ඉස්සෙල්ලාම දැනගන්න කැමති, ඇත්ත වශයෙන්ම ඒ යෝජනාව අනුව ක්‍රියාත්මක වූ යාන්ත්‍රනය ඒ කියන්නේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලය ඇතුලු මේ පාර්ලිමේන්තුවෙන් අනුමත කරන ලද ඒ යාන්ත්‍රනය සහ ඒ අංග වලට දැන් මොකක්ද වෙන්නේ කියලා.

හැබැයි ඒ වගේම ගරු කතානායකතුමනි මම මෙතනදී කියන්න ඕනේ, ඇත්ත වශයෙන්ම මේ යෝජනාව තුළින් පසුගිය රජයේ අවසාන කාලයේ මේ රටේ අපේ විරෝධාර සෙබළුන්ට, අපේ නායකයන්ට, දඬුවම් දෙන්න ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කරලා තිබුනා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාම කිය කිය ගියා මාව විදුලි පුටුවට ගෙනියන්න හදනවයි කියලා. නමුත් මේ 30 (1) යෝජනාව හරහා තමයි අපි මහින්ද රාජපක්ෂ විදුලි පුටුවට ගෙනියන එකත් බේරගෙන, අපි ජිනීවා අයට කිව්වා විදේශිකයන් අපේ රට පරීක්ෂා කරන්න ඕනේ නැහැ, අපිට පුලුවන් අපේම පරීක්ෂණ කරන්න කියන මතය උඩ තමයි ජාත්‍යන්තරය මේ ප්‍රශ්නයෙන් ඈත් කරලා ඒ තුළින් ජාත්‍යන්තරයත් අපිත් එක්ක එකතු කරගෙන ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයත් විදුලි පුටුවෙන් බේරගත්තේ මේ 30 (1 ) කියන යොජනාව. ''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න