පරිපූරක ඇස්තමේන්තුව ගෙනාවේ රජයේ කොන්ත්‍රාත් කළ කොන්ත්‍රාත්කරුවන්ගේ දරුවන්ට එළඹෙන සිංහල අලුත් අවුරුද්දට ඇඳුම් ටිකක් ගන්න අනෙකුත් අවශ්‍ය දේවල් ගන්න මුදල් දෙදෙන්න බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.
පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමෙන් ආණ්ඩුව පරාජයට පත් කරන්න බලාගෙන සිටි විපක්ෂයේ බලාපොරොත්තු කඩවූ බවත් ඔහු පවසයි.අගමැති මෙසේ සඳහන් කර ඇත්තේ හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව සඳහා පුරනැගුම වැඩසටහන යටතේ ඉදිකළ පස් මහල් බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සවයේදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද පවසා ඇත. ‘‘විපක්ෂ්බැය්ලුවේ අපිව පරද්දගෙන ඊළඟ මැතිවරණයට යන්න.
නමුත් අපේ අය ඒ අයට වඩා දේශපාලන බුද්ධිය තියෙන පාර්ලිමේන්තු ක්‍රමය ගැන දැනුමක් තියෙන පාර්ලිමේන්තුවේ කළ යුතු කාර්යයන් ගැන අවබෝධයක් තියෙන පිරිසක්.ඒ යෝජනාව ඉදිරිපත් කළේ නෑ.
ඉදිරිපත් කරන්නේ නැති වුනහම පරාද කරන්න බෑණේ. ඒකෙන් වුණේ එයාලගේ බලාපොරාත්තු සුන්වීමයි.
අපි විපක්ෂයේ ඉන්න කොට ජනතාවට යම් කිසි හොඳ වැඩක් කරනවානම් ඒ හොද වැඩේට අපි හැම වෙලාවේම සහාය දුන්නා.ජනතාවට යම් කිසි හොඳ වැඩක් වෙනවා නම් අපි සහාය දුන්නත් ආණ්ඩුවේ ඉන්න එයාලට හොඳක් වන වැඩවලට අපි සහාය දුන්නේ නෑ.
නමුත් ඒ තත්වය අද නැහැ. විපක්ෂයට ආසන සංඛ්‍යාව වැඩියි. මම නම් මේ ගැන සාකච්ඡා කරන කොට මම කිව්වා මේක භාර ගන්න එපා කියලා.ආණ්ඩුව එයාලටම කර ගෙන යන්න දෙන්න කියලා.
විපක්ෂයට වැඩි ආසන සංඛ්‍යාවක් තියාගෙන මේ ගමන යන්න පුළුවන් කමක් නෑ කියලා අපි විශ්වාස කරන නිසා. නමුත් වැඩි දෙනා කිව්වේ භාර ගෙනඅපි කරමු කියලා. දැන් අපිට ඒක ගැටළුවකුත් නෙවෙයි. මාර්තු මාසයේ පළමුවැනිදායින් පස්සේ ඕනම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යන්න අවස්ථාවක් එනවා‘‘

