අස්වැන්න ආරක්ෂා කිරීමට කුඹුරේ පඹයන් සිටවන්නාක් මෙන් ඡන්ද ආරක්ෂා කිරීමට ද පඹයන් අවශ්‍ය විය හැකී බවත් නව සන්ධානයේ සභාපතිවරයා පත්කිරීමද එවැනි අරමුණකින් සිදූවූවක් විය හැකි බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.
දොම්පේ කෑරගල පරකඩමුල්ල ප්‍රදේශයේ පුරන් කුඹුරු අස්වැද්දවීමේ වැඩ සටහනකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්ණ වලට පිලිතුරු දෙමින් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මේ අදහස් පල කර ඇත.
අද සුදනන් ලෙස පෙනී සිටින ඇතැමුන් පොහොට්ටුවෙන් ජයග්‍රහණය කර පාවා දීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබදව අවධාරණයෙන් කටයුතු කරන්නැ‘යි තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇමතිවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කර ඇත.

