ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී දින 100ක් ගත වුවද ආර්ථිකය ශක්තිමත් කිරීමට නොහැකි වුවේ පාර්ලිමේන්තුවේ බලය නොමැති නිසාවෙන් මුදල් පනත් සම්මත කරගැනීමට නොහැකි වීම නිසා බව කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.
සත්කෝරලයේ ප්‍රථම ජනහමුව අමතමින් ඔහු මේ අදහස් පළකල අතර වැඩිදුරටත් එහිදී මෙසේද පවසා ඇත.
‘මේ ආර්ථිකය වෙනස් කරන්න තමයි අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත්කළේ. මේ දින සියය තුල අපිට ඕන කරන ටික කරන්න අවශ්‍ය හයිය තිබුණේ නැහැ. පාර්ලිමේන්තුවේ කිසිම පනතක් සම්මත කරගන්න බැහැ. එදා මුදල් වෙන්කරගන්න පාර්ලිමේන්තුවට පනත දැම්ම දවසේ මම මෙහෙ ඉඳලා කොළඹ ගියේ 10.30 ට විතර. මට දුරකතනයෙන් ඒ වෙලාවේ කතා කරලා කිව්වා නායකයෝ එකතු වෙලා පාර්ලිමේන්තුවේ කතා කරනවා කියලා. මම කොළඹ යනකොට 12.15 යි. ඒ වෙද්දීත් කතාව ඉවර නැහැ.
මොකද ඒ මේ අය මුදල් පනත සම්මත කරගන්න කොන්දේසි දැම්මා.පාර්ලිමේන්තු කාලය දික් කරන්න… වෙන දේවල් වලට සල්ලි ගන්න එපා… ආදී වශයෙන්. අවසානයේ ආණ්ඩුව කල්පනා කළා, කමක් නෑ මේක අපි අත ඇරලා දානවා කියලා. අත ඇරලා දැම්මා. එතකොට මහජනතාව බලාපොරොත්තු වෙන සමහර සංවර්ධන කටයුතු කරන්න ආණ්ඩුවට මුදල් නෑ පාර්ලිමේන්තුව විසුරු දවසට තමයි ජනාධිපතිතුමාට ආපහු බලය ලැබෙන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා මුදල් ගන්න. ආර්ථිකයට මුදල් එකතු කරන්න අවශ්‍ය තීන්දු ගන්න එතුමාට බලය ලැබෙනවා. ඒක පහුගිය දින සීයම කරගන්න බැරි වුණා. මොකද ජනාධිපතිතුමාට මුදල් දෙන්නේ පාර්ලිමේන්තුවෙන්. ඒ පාර්ලිමේන්තුවෙන් දෙන මුදල් අනුමත කරන්නත් ඕනි පාර්ලිමේන්තුවෙන්මයි. ඒ නිසා රට සංවර්ධනය කරන්න ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ බලය අත්‍යවශ්‍යයි."
ජනතාව නොමග යවන ප්‍රකාශයක් !
මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා ජනතාව නොමග යවා දේශපාලන වාසියක් ගැනීමට මේ ප්‍රකාශය සිදුකොට ඇති බවය.
විපක්ෂය පවසා සිටියේ ජනතාවට සහන දීමට ගෙනෙන යෝජනා සියල්ලට සහය දෙන බවත් එය පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළ බවය.
එසේම ජනතාවට සහන දීමේ අපේක්ෂාව ආණ්ඩුවට තිබුණේ නම් ඒ සඳහා අයවැයක් ගෙන ඒමට අවස්ථාව තිබූ බවත් එය ආණ්ඩුව සිදුනොකළ බවත් විචාරක මතය වී තිබේ.

