සාගල ඉවතට : පොලිසිය බාර ඇමතිකම රාජිතට !

සාගල ඉවතට : පොලිසිය බාර ඇමතිකම රාජිතට !

ඉදිරියේදී පැවැත්වෙන අමාත්‍ය සංශෝධනයේදී නීතිය හා සාමය අමාත්‍යංශය රාජිත සේනාරත්න මහතා යටතට පත් කිරීමට ජනාධිපතිවරයාට නිර්දේශ කරන්නැයි එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කර තිබේ.

ඒ අතර ජනවාරි 08 බලවේගයේ සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙකුද එම යෝජනාව ඉදිරිපත් කර ඇත.

පසුගිය පාලන සමයේ සිදුවූ වංචා දුෂණ විමර්ශනය කිරීමේදී රාජපක්ෂවරුන්ට නොනිල මට්ටමින් සහය දක්වන බවට පොලිසිය බාර අමාත්‍ය සාගල රත්නායක මහතාට චෝදනා එල්ලවීම මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වීමට හේතුවී තිබේ.

වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට දායකවූ 'සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසුරිය මහතා, මැතිවරණ පරාජය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය සාගල රත්නායක මහතාගේ හැසිරීම දැඩි ලෙස විවේචනය කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න