ප්‍රශ්නය රනිල් නෙවෙයි ! : ඇමති පාඨලීගෙන් ඇමති කබීර්ට ඇමතුමක්

ප්‍රශ්නය රනිල් නෙවෙයි ! : ඇමති පාඨලීගෙන් ඇමති කබීර්ට ඇමතුමක්

ආණ්ඩුව මුහුණදී සිටින දේශපාලන අර්බුදයට හේතුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හෝ අග්‍රාමාත්‍යධූරය රනිල් වික්‍රමසිංහ දැරීම නොවන බව සඳහන් කරමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් අමාත්‍ය කබීර් හෂීම්ට දුරකතනයෙන් අමතා දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

අමාත්‍ය පාඨලී චම්පික රණවකට සමීප ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය හරහා ජනතාව ආණ්ඩුව වෙත බරපතල පණිවිඩයක් එවා ඇති බවත් එය නිවැරදිව තේරුම්ගෙන වැඩ නොකළහොත් ඉතා අර්බුදකාරී දේශපාලන වාතාවරණයකට මුහුණදීමට සිදුවිය හැකි බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

එසේම ආණ්ඩුවේ වැඩ කටයුතු මීටවඩා විධිමත් බවකින් සිදුවිය යුතු බවත් පොදු එකඟතාවක් සහිත වෙනස් වැඩපිළිවෙලක් දියත්කර ජනවාරි 08 බලවේග මෙන්ම ආණ්ඩුව පාර්ශවයෙන් ඈත්වෙමින් සිටින බලවේග නැවත දිනාගත යුතුව ඇති බවද අමාත්‍යවරයා එහිදී පවසා ඇත.

තවද තමන් දිගින් දිගටම දුෂිතයන්ට දඬුවම් ලබාදීම සඳහා විශේෂ අධිකරණයක් ඉල්ලා අඛණ්ඩව ආණ්ඩුව තුළ පෙනී සිටී බව සිහිපත් කර ඇති අමාත්‍යවරයා ඊට අවශ්‍ය වුවමනාව නොමැතිව කටයුතු කිරීම හමුවේ "හොරු" ජනතා වරම කොල්ලකන තත්ත්වයට වර්ධනය වී ඇති බවද අමාත්‍යවරයා, කබීර් හෂීම් අමාත්‍යවරයාට අවධාරණය කර ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න