"දිගටම අගමැති රනිල් නම් !" : ශ්‍රීලනිප තීන්දුව ඇමති නිමල් දැනුම්දෙයි

"දිගටම අගමැති රනිල් නම් !" : ශ්‍රීලනිප තීන්දුව ඇමති නිමල් දැනුම්දෙයි

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස දිගටම කටයුතු කරනවා නම් ආණ්ඩුවට සහය දුන් තමන් ඇතුළු ශ්‍රීලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවය පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමට තීරණය කර ඇති බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පවසා ඇති බව වාර්තා වෙයි.

41න් 35ක් පොහොට්ටුවට යන්නෙම නෑ

මෙම තීන්දුව පිළිබඳ ඊයේ (12) රාත්‍රියේ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ආණ්ඩුව නියෝජනය කළ අමාත්‍යවරුන් ගණනාවකට දුරකථනය හරහා දැනුම්දී ඇති බවත් එහිදී ආණ්ඩුවට සහය පලකළ තම පාර්ශවයේ 41 දෙනා අතුරින් 35ක් කිසිම හේතුවක් මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සම්බන්ධ නොවීමේ දැඩි ස්ථාවරයක සිටින බවද එහිදී නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සඳහන් කර ඇති බවද වාර්තා වෙයි.

ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ට නායකයින් වන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, අනුර ප්‍රියදර්ශනද යාපා, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, ලක්ෂමන් යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් සිටින බවත් අදාළ තීරණය පිළිබඳ මේ වන විට ජනාධිපතිවරයාවද දැනුවත් කර ඇති බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළ බව වාර්තා වෙයි.

ප්‍රශ්නය දේශපාලනිකයි

අදාළ දැනුම්දීම සිදුකරමින් තමන් ඇතුළු ශ්‍රීලනිප සහ සන්ධාන පාර්ශවයට එක්සත් ජාතික පක්ෂය හෝ අග්‍රාමාත්‍යවරයා සමඟ පෞද්ගලික අමනාපයක් නොමැති බවත් නමුත් පළාත් පාලන මැතිවරණය තුළ ජනතාව ලබාදී ඇති ප්‍රතිචාරය පිළිගැනීමට නම් අග්‍රාමාත්‍යවරයා වෙනස් වියයුතු බව තම පාර්ශවයේ අදහස බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළ බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න