එජාප තනි ආණ්ඩුව ස්ථිරයි : එජාප පසුපෙළ මාධ්‍ය හමුවේ දැඩිව අවධාරණය කරයි

එජාප තනි ආණ්ඩුව ස්ථිරයි : එජාප පසුපෙළ මාධ්‍ය හමුවේ දැඩිව අවධාරණය කරයි

එක්සත් ජනතා නිදහස් පක්ෂයේ තනි ආණ්ඩුවක් සෑදීම වෙනුවෙන් තම පක්ෂය ඒකමතික තීන්දුවකට පැමිණි බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සඳහන් කරයි.

අද (13) අග්‍රාමාත්‍යවරයා ඇතුළු පක්ෂ නායකත්වය සමඟ අරලියගහ මන්දිරයේදී එජාප පාර්ලිමේන්තු කණ්ඩායම පැවැත්වූ සාකච්ඡාවේදී මෙම තීන්දුව ගනුලැබූ බවත් ඒ අනුව පිහිටුවනු ලබන ආණ්ඩුව මුළුමනින්ම එක්සත් ජාතික පක්ෂයේ යෝජනා ප්‍රතිපත්ති සහ දැක්ම අනුව කටයුතු කරන්නක් වියයුතු බවට තමන් එජාප නායකත්වයට දැනුම්දුන් බවද එම මන්ත්‍රීවරුන් සඳහන් කර සිටියි.

ඔවුන් මෙම අදහස් දැක්වීම සිදුකරනු ලැබුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡා ව අවසන් කර මාධ්‍ය අසනු ලැබූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්ය.

එහිදී අග්‍රාමාත්‍යධූරයේ වෙනසක් සිදුවන බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව මාධ්‍ය සිදුකළ විමසීමේදී එම මන්ත්‍රීවරුන් සඳහන් කර සිටියේ අග්‍රාමාත්‍යධුරයේ කිසිඳු වෙනසක් සිදු නොවන බවත් පළමුව තනි එජාප ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසුව පක්ෂයේ වැඩ කටයුතු සහ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධව පුළුල් සාකච්ඡාවක් අරඹන බවද ඔවුන් පැවසීය.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙනස් කිරීම සම්බන්ධව දිගින් දිගටම මාධ්‍ය ප්‍රශ්න කරන්නට ගත් අතර එහිදී එම මන්ත්‍රී කණ්ඩායම සඳහන් කර සිටියේ තම පක්ෂය ආණ්ඩුව ලබාගෙන පසුව සිරස ආයතනයට ගොස් අගමැතිවරයා කවුරු වියයුතුද යන්න ගැන දැනගෙන ඔවුන් අවසර දෙන අයෙකුට අගමැති ධූරය ලබාදීමට කටයුතු කරන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න