පොහොට්ටුවෙන් ගැලවෙන්න : ශ්‍රිලනිපය තීන්දුවක් ගන්න සූදානම් !

පොහොට්ටුවෙන් ගැලවෙන්න : ශ්‍රිලනිපය තීන්දුවක් ගන්න සූදානම් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි නායකත්වය අතුගා දැමීමේ සැලසුම් සහගත මෙහෙයුමක් 'පොහොට්ටු' පක්ෂයේ නායකත්වය විසින් මේවනවිට එළිපිටම ආරම්භකර ඇති බැවින් පක්ෂය ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිරි මහ මැතිවරණයේදී තනිව ඉදිරිපත් විය යුතු බවට එම පක්ෂයේ ප්‍රධානින් කිහිප දෙනෙකු හා ආසන සංවිධායකයින් බහුතරයක් පක්ෂ නායකත්වයට බලපෑම් කරමින් සිටින බව  වෙත වාර්තාවේ.

ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර ද එම ස්ථාවරයේ දැඩිව සිටින අතර 'පොහොට්ටුව' සමග සන්ධානගතව මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවට මේවනවිට දැඩිව ප්‍රකාශ කරමින් සිටින්නේ, මහින්ද අමරවීර හා නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන් දෙදෙනා පමණි.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන බදාදා කැඳවා ඇත.

මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වෙයි.

මධ්‍යම කාරක සභා රැස්වීම හිටපු ජනාධිපති නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී 07.00ට පැවැත්වීමට නියමිතය.

මේ අතර එදින පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු කොළඹට කැදවා තිබේ.

ප්‍රසන්න ගෙන් බලපෑම් : සුදර්ශනී දේශපාලනයෙන් සමුගනී !

Suda pu 2020.02
මේ අතර ගම්පහ දිස්ත්‍රික් 'පොහොට්ටු' නායක ප්‍රසන්න රණතුංග ඇමතිවරයා විසින් මහරදී සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රීක්කයේ ශ්‍රීලනිප නායිකා හිටපු රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ  'උකුසු කතාවෙන්' පසු ප්‍රසන්න රණතුංග සිය පාක්ෂිකයින් ගෙන් ඉල්ලා සිටියේ මෛත්‍රීපාල සිරිසේනට ගෑවුණු එකෙක්වත් මනාපයක් නොදෙන ලෙසයි.

පොහොට්ටු කතාවලින් කලකිරුණු ශ්‍රීලනිප පිරිසක් එජාපය !

'පොහොට්ටු' පක්ෂයේ නායකයින් ගෙන් එල්ල වී ඇති විවිධ තාඩන පීඩන හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් කලකිරීමෙන් සිටින බවත්, එම තත්වය තුළ එම පක්ෂයේ ඇතැම් නායකයන් මේවනවිට එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සාකච්ඡා කරමින් සිටින බවත් හිටපු අමාත්‍ය පී. හැරිසන් සඳහන් කරයි.

ජන හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

මෙම සාකච්ඡා හරහා වැරදි අඩුපාඩු හදාගෙන ඔවුන් සමඟ ගමනක් යාමට සූදානම් බවත් ඔහු එහිදී තවදුරත් කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න