දඹදිව වන්දනා නවත්වන්න : සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දන්වයි !

දඹදිව වන්දනා නවත්වන්න : සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දන්වයි !

වන්දනා කටයුතු සදහා ඉන්දියාවට යන වන්දනා නඩ තාවකාලිකව නවත්වන ලෙස බෞද්ධ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන මගීන් නිරෝධායනයට ලක් කිරීමේ කිරීමේ වැඩපිළිවෙල දකුණූ කොරියාවේ සිට හෙට (10)  පැමිණෙන ගුවන් යානයේ ගුවන් මගීන්ගෙන් ආරම්භ කරන බවත් ඔහු පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙම කරුණු පවසන ලද්දේ අද දින (09) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය.

 - “දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙල හෙට (10) උදෑසන දකුණූ කොරියාවේ සිට පැමිණෙන ගුවන් යානයේ පිරිසෙන් ආරම්භ කරනවා. අද දින බණ්ඩානායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේ දී මා ඇතුලු සෞඛ්‍ය ලේකම්තුමිය, ගුවන්තොටුපල සමාගමේ සභාපති තුමා, විවිධ කාර්ය මණ්ඩල සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව මේ පිළිබද දීර්ඝ සාකච්ඡාවක් කරනු ලැබුවා. මෙම කටයුත්ත පහසු දෙයක් නොවෙයි.  විශාල මෙහෙයුමක් තිබෙනවා. ඒ අනුව අපි යම් යම් තීරණ වලට එළඹුනා. මෙහිදී සිදුවන ක්‍රියාවලිය සංවිධානය කරනු ලැබුවා.

 පැමිණෙන මගීන්ට අවශ්‍ය පහසුකම් ලබා දී, විෂබීජහරණයකට ලක් කොට බස් රථ මගින් මඩකළපුව නිරෝධායන මධ්‍යස්ථානයටත්, කන්දකාලු නිරෝධායන මධස්ථානයටත් රැගෙන යනු ලබනවා.  පැමිණෙන දින අනුව වෙන් වෙන් වශයෙන් නිරෝධායන මධස්ථානවල රදවනු ලබනවා. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට කටයුතු කරනවා. මෙම පිරිස් දින 14 ක නිරෝධනයෙන් පසුව නිරෝධායන මධ්‍යස්ථානවලින් පිට කරනු ලබනවා. මෙම පිරිස් වෙත අවශ්‍ය යම් සුළු සෞඛ්‍ය පහසුකම් එම පරිශ්‍රයෙත්, අවශ්‍ය කරන සියලු පහසුකම් රෝහල් මගින් ලබාදීම සදහාත් කටයුතු කරනු ලබනවා. මෙම වැඩපිළිවෙල සම්පූර්ණ වැඩපිළිවෙළක්.”

“අද දින අප විසින් තීරණය කරනු ලැබුවා ඉන්දියාවට යන වන්දනා නඩ තාවකාලිකව නැවැත්වීම සදහා. බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වෙත අද දින මේ දැනුම් දීම කරනු ලැබුවා. නැවත දන්වන තුරු වන්දනා නඩ යැවීම මේ අනුව නවත්වනු ලැබුවා. මේ තීරණ ගැනීමට හේතු පාදක වන්නේ ඉන්දියාව තුල වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් සිටිමත්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනුම් දී ඇති පරිදි ඉන්දියාවේ මේ සුළු සංඛ්‍යාව තුල රෝගීන් සම්ප්‍රේෂණය වීමෙි තත්ත්වය ඇතිවීමත් නිසා. වන්දනා නඩ සදහා වයස  60-70 වැඩි පිරිස් වැඩි වශයෙන් සහභාගි වනවා ඔවුන් කායික වශයෙන් දුර්වලයි, විවිධ රෝග තිබෙනවා, දැනට ලෝකය තුල  වන අත්දෑකීම තමයි මෙම වෛරසය වැළැදුන පිරිසෙන් සියයට 80 ක් පමණ වයස් ගත සහ විවිධ රෝගී ත්ත්වයන් තිබෙන  පුද්ගලයින් වීම.”

එමෙන්ම මේ දක්වා සිදු කළ පරිදි අනෙක් රටවලින් පැමිණෙන සියලුම මගීන් දින 14 ක පසුවිපරම තවදුරටත් ක්‍රියාත්මක වනවා. අද වන විට 3900 ක් වැනි පිරිසක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අධීක්ෂනයෙන් පසුවිපරමට ලක්වෙනවා. විදෙස් රටවල සිට පැමිණි පිරිස් වෙතින් ඉල්ලා සිටිනවා දින 14 ක කාලයක් නිවෙස් තුලම රැදී සිටන ලෙස. විවිධ උත්සව, සංචාර සදහා නොගොස් දින 14 නිවෙස් වල රැදී සිටින්න.  මේ කාලය තුල විදෙස් සංචාර හැකි තරම් අඩු කරන්න.”  

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න