ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල 1991ට පසුව අඩුම අගයක් වාර්තා කරමින් බැරලයක මිල ඩොලර් 32.78 ක් දක්වා අඩුවී ඇති බැවින් එහි වාසිය මෙරට පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා විෂය භාර අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇත.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් එහි සභාපති රංජිත් විතානගේ මෙම ඉල්ලීම ලිඛිතව සිදුකර ඇති අතර අදාළ ලිපිය පහත දැක්වෙයි.
මහින්ද අමරවීර මහතා
ප්‍රවාහන හා බලශක්ති අමාත්‍ය
බලශක්ති අමාත්‍යාංශය
කොළඔ 09.
අමාත්‍යතුමණි,
ලෝක වෙළදපොලේ බොරතෙල් අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබා දීම.
මේ වන විට ලෝක වෙළදපොලේ බොරතෙල් මිල සීග්‍රයෙන් පහත වැටී ඇත. එහෙත් මෙරට ඩීසල් මිල හෝ පෙට්රල් මිල අඩු කිරීමට ඔබ අමාත්‍යංශය මෙතෙක් කටයුතු කර නැත.වසර 1991 ට පසු ඉතිහාසයේ ප්‍රථමවතාවට බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 32.78 ක මිලකට මේ වන විට ලෝක වෙළදපොලේ අලෙවි වෙමින් පවතී.එම නිසාලෝක වෙළදපොලේ බොරතෙල් මිල අඩුවීමේ වාසිය ඉතාම ඉක්මනින් මෙරට පාරිභෝගිකයින්ට ලබා දීම සදහා ඩීසල් මිල හා පෙට්රල් මිල අඩු කරන ලෙස ඔබතුමාගෙන් කරැණාවෙන් ඉල්ලා සිටිමු.
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයඑසේම ලෝක වෙළෙඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල අඩුවීමේ දත්ත ඇතුලත් ප්‍රස්තාර දෙකක්ද එම ලිපිය සමග අමාත්‍යවරයා ගේ අවධානයට යොමුකර ඇති අතර එයත් පහත දැක්වෙයි.



