තීන්දුව හරි අතට ගන්න : ශ්‍රිලනිපයේ ආසන සංවිධායකයන්වත් කැඳවයි !

තීන්දුව හරි අතට ගන්න : ශ්‍රිලනිපයේ ආසන සංවිධායකයන්වත් කැඳවයි !

පොදුජන පෙරමුණ නාම  යෝජනා ලයිස්තු හරහා මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන් ඉතා සැලසුම් සහගත ලෙස පරාජය කිරීමට සූදානමක් සම්බන්ධ තොරතුරු අනාවරණය වීමත් සමග ශ්‍රිලනිප ය තනිව තරග කිරීමට සාකච්ඡා වෙමින් ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන බදාදා කැඳවා ඇත.

මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වෙයි.

මධ්‍යම කාරක සභා රැස්වීම හිටපු ජනාධිපති නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී 07.00ට පැවැත්වීමට නියමිතය.

මේ අතර එදින පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු කොළඹට කැදවා තිබේ.
Newstube.lk විසින් මීට පෙරත් අනාවරණය කල ආකාරයට මේ වන විට ශ්‍රිලනිප අභ්‍යන්තරයේ ප්‍රබල විවාදයක් බවට මෙය පත්ව ඇත.
සිරිපාල සහ අමරේ හිත හදාගෙන !
ඒ නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන ජේෂ්ඨ මන්ත්‍රීවරුන් පොහොට්ටු ලයිස්තුව හරහා පමණක් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට අඅපේක්ෂාවෙන් සිටීම  නිසාය.
කෙසේ වෙතත්  ශ්‍රිලනිප ප්‍රබලයන් බහුතරයකගේ මතය වී ඇත්තේ පොහොට්ටු ලයිස්තුවේ සිට දහසක් නින්දා අපහාස විඳ පරාජය වනු වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අත ලකුනින් තරග කර සටනක් දිය යුතු බවය.
මෛත්‍රී ට එරෙහි අවලාද සහ දයාසිරි , වීරකුමාර මතය !
කොතරම් අඩුපාඩු තිබුණත් එජාප ආණ්ඩුවක් හමුවේ ශ්‍රිලනිප පාක්ෂිකයන් රැකගෙන ඔවුන්ට රැකියා පවා ලබාදීමට හැකියාව ලැබුණේ මෛත්‍රී ජනාධිපති වීම නිසා බවත් මේ මොහොතේ පවා පක්ෂ නායක වන ඔඔහුට එරෙහිව පොහොට්ටු ඇතැමුන් නගන අවලාද නොසලකා සිටිය නොහැකි බවත් ඔවුන්ගේ මතය වී තිබේ.
මේ ආකාරයට ශ්‍රිලනිප ය මහ මැතිවරණයට අත ලකුණ යටතේ තරග කිරීමට පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර සහ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක වැන්නවුන් පවා එකඟ බව ඔවුන් පසුගිය සමයේ දැක්වූ අදහස් වලින් පෙනෙන්නට ඇත.
ආසන සංවිධායකයන් දිරියට සුබ පතයි !
එසේම පක්ෂ අභ්‍යන්තරයේ මතුව ඇති මේ යෝජනාවට නිදහස් පක්ෂ ආසන සංවිධායකයන් අති බහුතරයක් සතුට ප්‍රකාශ කර ඇති බවත් පොහොට්ටු ලයිස්තුවේ සිට  පිං ඇමැති කියා නින්දා ලබනවාට වඩා වෙනම ඉල්ලා අවශ්‍ය නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ආණ්ඩුවේ තනතුරු ගැනීම ගැටළුවක් නොවන බව ඔවුන්ගේ අදහස බවත් දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න