පොහොට්ටුවේ වියත්මගට : පොහොට්ටුවෙන්ම වීදි ප්‍රහාර ඇරඹේ !

පොහොට්ටුවේ  වියත්මගට : පොහොට්ටුවෙන්ම වීදි ප්‍රහාර ඇරඹේ !

ආචාර්ය චරිත හේරත්ගේ ක්‍රියාකාරී දේශපාලන ආධාරකරුවෙකු වන කුලියාපිටිය, අස්වැද්දුම කොට්ඨාසයේ පදිංචි කසුන් මධුසංකට මැර කණ්ඩායමක් විසින් යකඩ මුගුරකින් හිසට එල්ල කළ ප්‍රහාරයක් නිසා ඔහු බරපතල තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත්කර ඇති බව වාර්තා වෙයි.

වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන සමන්ප්‍රිය හේරත්ගේ අනුදැනුම මත ඔහුගේ සහෝදරයෙක් වන බණ්ඩාර නැමැත්තෙක් සහ ඔවුන්ගේ ආධාරකරුවන් පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර  ඇති බවත් වාර්තා වන අතර ඒ පහරකෑමට ගොදුරු වූ පුද්ගලයා  තම ත්‍රීරෝද රථය අලුත්වැඩියා කරගැනීම සඳහා ගරාජය වෙත ගොස් සිටියදීය.

කුලියාපිටිය ආසනය තුළ වෙනත් පුද්ගලයන්ට දේශපාලනය කිරීමට ඉඩ නොදෙන බවත්, පිටස්තර පුද්ගලයින් සඳහා සහයෝගය නොදක්වන ලෙසත් පවසමින් මෙම පහරදීම සිදුකර තිබෙන බවත් වාර්තා වෙයි.

කුලියාපිටිය රෝහලට ඇතුළත්කර ඇති ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා සඳහා මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තා වෙයි.

WhatsApp Image 2020 03 10 at 2.11.44 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න