ශ්‍රිලනිප තීන්දුව හෙට ගන්නවා - දයාසිරි

 ශ්‍රිලනිප තීන්දුව හෙට ගන්නවා - දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර මහ මැතිවරණයේ දී සන්ධානගත හෝ තනිවම හෝ ඉදිරිපත් වන බවත් ඒ සම්බන්ධයෙන් තීන්දුව හෙට (11) දිනයේ ප්‍රකාශයට පත් කරන බවත් එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පැවසිය.

හෙට දිනයේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිත අතර එහිදී මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඉහත ප්‍රකාශය කලේ, 'පොහොට්ටු' පක්ෂයේ නායකයින්ගෙන් ශ්‍රීලනිප අපේක්ෂකයින්ට එල්ලවී ඇති බලපෑම් සම්බන්ධයෙන්  කළ විමසීමකදීය.

ශ්‍රිලනිපයට ගහන කොන්ත්‍රාත්කරුවන් හෙළිවෙයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර රැගෙන ආ ශ්‍රීලනිප නාමයෝජනා ලැයිස්තුව පමණක් බැසිල් රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර ඇති බවට අමාත්‍ය විමල් විරවංශගේ මෙහෙයුම යටතේ පවත්වා ගෙන යන Lanka Lead News හි පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමේ දී ශ්‍රීලනිප මහ ලේකම්වරයා පැවසුයේ, එම පුවත මුළුමනින්ම අසත්‍ය බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න