වීරකුමාරලා වැනි මෛත්‍රී ගේ ඩීල් කාරයන් පිළිබද ව ජනතාව ඉදිරි මැතිවරණයේ දී තීන්දුවක් ගනු ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ගෑවුණ කිසිවෙකුටවත් ඡන්දය නොදෙන්නැයි තමා විසින් පැවසූ විට ඊට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන්නේ කුඩු කෑ අය බවත් පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂ පාවා දී මෛත්‍රීපාල සිරිසේනගේ තුරුළට ගිය වීරකුමාරලාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳ ව කථා කීරීමට අයිතියක් ද නොමැති බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විරකුමාර දිසානායක විසින් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා සම්බන්ධයෙන් ඊයේ(09) මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව අද (10) මහර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
"වීරකුමාර මන්ත්‍රීතුමා වල්ගේ පාගගෙන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපා යැයි මම කීව්වේ නෑ.
මම කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරපු යහපාලන ආණ්ඩුවක් හදාගෙන රට විනාශ කරපු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා උකුස්සා කථාව කිව්වට පස්සේ ඔහු නැවත ඒදේ කරන්න යන්නේ කියලා
ඒකට ඉඩ දෙන්න බෑ. ඒ නිසා මෛත්‍රීට ගෑවිච්ච කිසිකෙනෙකුට ඡන්දය දෙන්න එපා කියලයි. 2015 දි පාර්ලිමේන්තු මැතිවරණයේ දී මහින්ද මහතත්යාගේ ඇගේ එල්ලිලා පාර්ලිමේන්කු ගිය වීරකුමාර රටට ණය වෙලා ඩීල් දාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු අරගෙන අද කටමැත දොඩවනවා. මාගේ කථාවට එයාට රිදිලා.
ඩීල්කාරයන්ට මගේ කථාව රිදෙනවා. එතුමා බල්ලෙකුගේ කථාවක් කියනවා. බල්ලෝ කියන්නේ කළ ගුණ දන්න ජාතියක්. හැබැයි මෛත්‍රී වෙනුවෙන් හරියට හූ කියන්න පුළුවන් නරියෙකුවත් නෑ කියලා වීරකුමාර ඔප්පු කළා. එතුමාගේ කථාව නරියෙක්ගේ වගේ.“
වීරකුමාර කියපු කතාව
ඊයේ අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රිලනිප මාධ්‍ය ප්‍ප්‍රකාශක වීරකුමාර දිසානායක පවසා සිටියේ ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද එක්සත් ජාතික පක්ෂයට තල්ලු නොකර බල්ලන් බැඳතබා ගැනීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් වන ගෝඨාභය රාජපක්ෂගේ සහ මහින්ද රාජපක්ෂගේ වගකීමක් බවය.

