Language Switcher

V2025

ආණ්ඩුව ඉදිරියට ගෙනයාමට කමිටුවක්

පළාත් පාලන මැතිවරණයෙන් පසුව උද්ගතව ඇති දේශපාලනික අර්බුදය හමුවේ රට ඉදිරියට පවත්වාගෙන යා යුත්තේ කෙසේද යන්න තිරණය කිරිමට කමිටුවක් පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් 13 වනදා රාත්‍රියේ ජනපති මෛත්‍රීපාල සිරිසේන හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම යෝජනාව සිදුකර ඇති බව වාර්තා වන අතර මෙම යෝජනාව සඳහා අග්‍රමාත්‍යවරයා සිය එකඟතාව පළකර ඇති බවද වාර්තා වෙයි.

ඒ අනුව යෝජිත කමිටුව හෙට කැබිනට් හමුවේදී පත්කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

කෙසේ වුවත් මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් මණ්ඩල සාමාජිකයන් සහභාගී වූයේ එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවක් පාර්ලිමේන්තු කණ්ඩායම රැස්ව ඒකමතිකව සම්මත කරගැනීමෙන් පසුවය.