ආණ්ඩුවේ වැඩ බලන්න මහින්දගෙනුත් කමිටුවක් : විගණකාධිපතිටත් වැඩ වරදින ලකුණු

ආණ්ඩුවේ වැඩ බලන්න මහින්දගෙනුත් කමිටුවක් : විගණකාධිපතිටත් වැඩ වරදින ලකුණු

රටේ ඉදිරි දේශපාලන තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටිමින් සුදුසු අවස්ථාවලදී සුදුසු තීරණ ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගෙන් යුතු කමිටුවක් පත්කර ඇති බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර ඇති අතර හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම නිවසේ 13 වනදා පැවති සාකච්ජාවකදී මෙම තීරණය ගෙන ඇත.

එසේම ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයක් කැඳවන්නේ නම් ඊට අවශ්‍ය සංශෝධන සඳහා පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

විගණකාධිපතිට එරෙහිව විශ්වාසභංගයක්

විගණකාධිපතිවරයා දේශපාලන පක්ෂයක අනුගාමිකයෙකු ලෙස කටයුතු කරමින් පසුගිය මැතිවරණ සමය තුළ කටයුතු කළ බව සඳහන් කරමින් ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට ඉදිරියේදී කටයුතු කරන බවද ඒකාබද්ධ විපක්ෂය සූදානම් වන බවද වාර්තා වෙයි.

එහිදී විගණකාධිපතිවරයා රාජපක්ෂ ජනාධිපතිවරයා මහා පරිමාණව ණය ගෙන ඇති බැවින් ආර්ථිකය ගොඩගැනීම දුෂ්කර බවට අසත්‍ය ප්‍රකාශ නිකුත් කළ බවත් එහිදී ආණ්ඩුව පවා විවේචනය කරමින් ජනාධිපතිවරයාට වාසි සැලසෙන ආකාරයට ක්‍රියා කළ බවද ඔවුන් පෙන්වා දෙයි.
රජයේ නිලධාරියෙකු ලෙසත් පාර්ලිමේන්තුවට පමණක් වගකියන ප්‍රබල නිලයක් දරන්නෙකු වශයෙන් විගණකාධිපතිගේ හැසිරීම කිසිසේත්ම යුක්ති සහගත නොවන බවද ඔවුන් සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න