ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් හිටපු DIG අත්අඩංගුවට

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් හිටපු DIG අත්අඩංගුවට

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ ප්‍රසන්න නානායක්කාර අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

 ලසන්ත මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර ඒ ඊයේ (13)රාත්‍රියේ ය.

ලසන්ත ඝාතනයට අදාළව කරුණු වසන් කිරීමේ චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන අතර එම ඝාතනය සිදුවූ සමයේ ගල්කිස්ස ප්‍රදේශය භාරව, බස්නාහිර දකුණ පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය‍ පොලිස්පතිවරයා ලෙස ප්‍රසන්න නානායක්කාර කටයුතු කර ඇත.

සැකකරුව අද (14) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න