ලංකාවේ කොරෝනා ආසාදනය වූවන් 7ක් දක්වා ඉහළට !

ලංකාවේ කොරෝනා ආසාදනය වූවන් 7ක් දක්වා ඉහළට !

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි අද (14) පැවසීය.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

ඒ අනූව මෙරට කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ නිල නිවේදනය වෙයි.

එසේම මේ වන විට ජනතාව බොහෝ සෙයින් රැස්වෙන  උත්සව, රැස්වීම් සහ සියළු අවස්ථා නවත්වන්න ද උපදෙස් නිකුත්කර ඇත.

අද වන විට මෙරට රෝහල් කිහිපයක කොරෝනා වෛරස් ආසාදනය වී යැයි සැක සහිත පුද්ගලයන් 103 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් අද  පෙරවරු 10 ට නිකුත් කරන ලද වාර්තාව අනුව වැඩිම පුද්ගලයන් ප්‍රමාණයක් රදවා සිටින්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේය.

එහි සිටින ප්‍රමාණය 35 දෙනෙකි.රට පුරා රෝහල් කිහිපයක රඳවා සිටින රෝගීන් ප්‍රමාණයන් පහතින් මෙහි දැක්වේ.

covid 7

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න