යන එන මං නැතිවූ රතන : කොඩියෙන් වඩියි !

යන එන මං නැතිවූ රතන : කොඩියෙන් වඩියි !

තමන් ඇතුළු හිමිවරුන් පිරිසක් 'අපේ ජන බල පක්ෂය' යටතේ 'කොඩිය' ලකුණින් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

ඒ අනුව දකුණේ සියලු දිස්ත්‍රීක්ක නියෝජනය කරමින් ගිහි පැවිදි අපේක්ෂයින්ගේ ලැයිස්තු ඉදිරිපත් කරන බව උන්වහන්සේ කියා සිටිති. මේවනවිට මාධ්‍ය ඔස්සේ දැවැන්ත චරිත බවට පත්ව සිටින තරුණ හිමිවරුන් කිහිප නමක් ම 'අපේ ජන බල පක්ෂය' යටතේ ඉදිරිපත්විමට දැනටමත් එකඟත්වය පළකර ඇත.

රතන හිමියන්ට අවස්ථාවක් අහිමි කිරීම !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ භික්ෂූන් සඳහා මෙවර මැතිවරණයේ නාමයෝජනා ලබානොදීමට කර ඇති තීරණයත් සමග රතන හිමියන්ට පාර්ලිමේන්තුවට තරඟ වැදීමට අවස්ථාව අහිමි වී ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු සඳහා රතන හිමියන් නම් කිරීමටද කටයුතු කර නොමැත.

නව ජාතික ව්‍යාපාරයකට නායකත්වය දීමට තමන් සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගියදා රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්සඳහන් කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ ද පැවසීය.

“මම වසර 15ක් පාර්ලිමේන්තුවේ. ඡන්දය ඉල්ලනවද නැද්ද කියන එක වැදගත් නැහැ දේශපාලනය කියන්නේ පාර්ලිමේන්තු යන එක නෙවෙයි.

රට වෙනුවෙන් කළ යුතු බලපෑම කරනවා. පාර්ලිමේන්තු යන්න බලාපොරොත්තුවක් නැහැ. මේ කරුණු ඉටුකළ යුතුයි. පැය 24ක් දෙනවා පොහොට්ටුවට. මද්‍රසා පාසල් ගැන ස්ථාවරය කියන්න. කාති උසාවි වහනවද නැද්ද?

මිනිස්සු රවට්ටන්න දෙන්නේ නැහැ. අභියෝග කළොත් භික්ෂූන් ඡන්දය ඉල්ලනවා. උපදේශන මට්ටමේ සේවයක් කරන්න හිටියේ ඒ අය විවිධ දේ කිව්වා. පාර්ලිමේන්තු යෑම වැදගත් නැහැ. දේශපාලනයට එය අවශ්‍ය නැහැ. නව ජාතික ව්‍යාපාරයකට නායකත්වය දෙනවා. අපිව පැත්තක තියන්න අමාරුයි“

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න