ඊයේ (15) වන විට රජයේ නිල වාර්තා අනූව මෙරට කොරෝනා වෛරසය ආසාදනයවූවන් සංඛ්‍යාව 18 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව විසින් නිකුත්කළ නිවේදන අංක 47/2020 විසින් තහවුරු කර ඇත.
මේ අතර කොරෝනා ආසාදිත තවත් රෝගීන් හත් දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.
මෙම රෝගීන් හත් දෙනාම පිරිමි පුද්ගලයින් වන බවත් ඔහු කීය.
මෙම පිරිස ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ පුද්ගලයින් බවත් මෙම රෝගීන් සියලු දෙනා පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහු සඳහන් කර සිටියේ ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
ඒ අනුව මේ වනවිට තහවුරු කරගෙන ඇති මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 18 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ද තහවුරු කර සිටියේය.

