නිවාඩුව දින 3කට දිගුවෙයි : හරි වැඩපිළිවෙලක් නොපෙනෙයි !

නිවාඩුව දින 3කට දිගුවෙයි : හරි වැඩපිළිවෙලක් නොපෙනෙයි !

අද හෙට සහ අනිද්දා තෙදින (17, 18, 19) නිවාඩු දින ලෙස නම් කරන්නට රජය තීරණය කර ඇත.

සෞඛ්‍ය, ආහාර, ප‍්‍රවාහන, බැංකු සහ ප‍්‍රදේශීය ලේකම්, දිසා ලේකම් කාර්යාලවලට අදාල නොවන බවත් ඒ සම්බන්ධව නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.

එසේම පුද්ගලික අංශය සදහාද මෙම නිවාඩුව ලබා දෙන ලෙස රජය ඉල්ලා ඇත.

එක එක දවසට එක එක කතා !

කෙසේ නමුත් ඊයේ (16) රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන  අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබුණේ 16 වනදා ලබා දී තිබෙන නිවාඩුව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර නොමැති බවත්  ඉදිරි දින වලදී නිවාඩු ලබා දීම හරහා ප්‍රශ්න රැසක් මතුවන බවය.

ඉදිරි දින කිහිපය නිවාඩු ලබා දුනහොත් මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමට සිදු නොවන බවත් ඔහු පවසා තිබු අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හා එහි බලපෑම සම්බන්ධයෙන් මේ දිනවල නිරීක්ෂණයේ පසුවන අතර අවශ්‍ය වුවහොත් එළඹෙන සිකුරාදා දිනයෙන් පසුව නිවාඩු සම්බන්ධ තීරණයක් ගත හැකි බවත් ඔහු සඳහන් කර තිබිණ.

එම තීන්දු තීරණ ගනු ලබන්නේ කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරබේපොලගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා  කාර්ය සාධන බලකායේ නිර්දේශවලට අනුව බවද ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබිණ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවේදී ඔහු මෙලෙස පවසා සිටියත්  ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිතභාවයට වඩා මහ මැතිවරණය වැදගත්ද යන්න සමාජ ජාල හරහා ප්‍රශ්න කෙරිණ. ඒ බලපෑම හමුවේ මේ ආකාරයට දින 3ක නිවාඩුවක් ප්‍රකාශයට පත්කිරීමට ආණ්ඩුවට සිදුවූ බවක් පෙනෙන්නට ඇත.

තැටිය රත්වූ වෙලාවේ !

එහෙත් ඒ නිවාඩුවද ලබාදී ඇත්තේ නාමයෝජනා ලබාදීම කෙරෙහි ගැටළුවක් නොවන ආකාරයට දිස්ත්‍රික් ලේකම් කාර්යාල සේවකයන් වෙත නිවාඩු ලබානොදෙමින්ය. එසේම පසුගියදා විද්‍යුත් මාධ්‍යක සංවාදයකට එක්වූ සෞඛ්‍ය අමාත්‍යවරිය පවසා සිටියේ කොරෝනා ව්‍යාප්තිය මත මැතිවරණය කල්නොදමන බවත් මේ අවස්ථාවේ මැතිවරණය පැවැත්වීමෙන් ජයග්‍රහණය කල හැකි බවය.

මංගල සිහිකළ ජාතික ආරක්ෂාවේ තේරුම !

මේ අතර හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ආණ්ඩුව වෙත විවේචනාත්මක පොස්ටුවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබිණ. ඒ ජනාධිපති ගෝඨාභය පසුගිය මැතිවරණය ජයග්‍රහණය කිරීමට පාදක කරගත් සටන් පාඨයක් සිහිපත් කරමින්ය. 

IMG 20200316 WA0017

එසේම ගෝලීය වසංගතයක් අභිමුව පවා ආණ්ඩුවේ මේ ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙලක් නොමැති හැසිරීම සමාජ මාධ්‍ය තුළ විවේචනයට ලක්ව තිබුණේ මේ ආකාරයටය.

 Capture76yuio

Capture789iop

Capturekaw

Capturelooooooooooooooooo

Captureniml

Capturepubug

Capturesusan

Capturewertyui

Screenshot 20200317 004849 com.facebook.katana

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න