දිස්ත්‍රික්ක කිහිපයක ශ්‍රිලනිපය තනියම සටනට !

දිස්ත්‍රික්ක කිහිපයක ශ්‍රිලනිපය තනියම සටනට !

එළැඹෙන  මහ මැතිවරණයේදී යාපනය, වන්නි හා නුවරඑළිය දිස්ත්‍රීක්කවලට 'අත' ලකුණින් තරඟ කරන බව ඊයේ (16) වනවිටත් ප්‍රකාශකර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අනෙකුත් දිස්ත්‍රීක්ක සඳහා ද තනිව තරඟ කරන්නේ ද නැද්ද යන්න පිළිබද අද (17) තීරණය කරන බව පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) රාත්‍රී පැවති එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් දයාසිරි ජයසේකර එබව සඳහන් කළේය. 

කෙසේවුවද ඊයේ පැවති එම සාකච්ජාවේදී අවසන් තීරණයක් ගෙන නොමැත්තේ අද පෙරවරුවේ ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ දුරකථනය ඔස්සේ මෛත්‍රීපාල සිරිසේන වෙත එකඟතාවය පළකර තිබු බැවිනි.

ඒ අනුව ඔවුන් දෙදෙනා සමග සාකච්ජාවෙන් අනතුරුව යලි අද (17) දහවල් 12.00ට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳවා ඇති අතර එහිදී අවසන් තීන්දුවක් ගැනීමට යෝජනා වී තිබිණ.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමක දී  වාර්තා වුයේ ශ්‍රීලනිප නියෝජිතයින් සමග සාකච්ජා කිරීම    බැසිල් රාජපක්ෂ මෙන්ම මහින්ද රාජපක්ෂ ද  ද අද උදැසන සිට මඟ හරිමින් සිටින බවයි.

'පොහොට්ටු' නායකයින් සමග එකඟතාවයක් ඇතිකර ගැනීමට නොහැකි වුවහොත් වයඹ පළාතේ කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රීක් දෙක සඳහා ද බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රීක් සඳහා ද ශ්‍රීලනිපය 'අත' ලකුණින් ඉදිරිපත්වීමට යෝජනා වී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න