දුමින්ද අනුරාධපුරයෙන් : ලකුණ අත !

දුමින්ද අනුරාධපුරයෙන් : ලකුණ අත !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මෙවර මහ මැතිවරණයට ශ්‍රීලනිප 'අත' ලකුණින් අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට මේවනවිට තීරණය කර ඇතැයි වාර්තාවේ.

ඔහු සමඟ  එක්ව ශ්‍රීලනිප හිටපු මන්ත්‍රීවරයකු වන ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායකද  එවැනි තීන්දුවක් ගෙන ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රීක්කයට ශ්‍රීලනිප අපේක්ෂකයින් සිව් දෙනෙකුට අවස්ථාව ලබාදෙන ලෙස බැසිල් රාජපක්ෂ ගෙන් කළ  ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට විරෝධය දක්වමින් ය.

එසේම, 'පොහොට්ටු' නායකයින් සමග අද දහවල් වනවිට එකඟතාවයක් ඇතිකර ගැනීමට නොහැකි වුවහොත් වයඹ පළාතේ කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රීක් දෙක සඳහා ද බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රීක් සඳහා ද ශ්‍රීලනිපය 'අත' ලකුණින් ඉදිරිපත්වීමට තීන්දු කර ඇත.

කෙසේවුවද ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවට ද අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා බදුල්ලට ද මහින්ද අමරවීර හම්බන්තොටට ද 'පොහොට්ටුව' ලකුණින් ඉදිරිපත්වීම සඳහා මේවනවිටත් නාමයෝජනා අත්සන් කර තිබේ.

මෙම මහ මැතිවරණයේදී යාපනය, වන්නි හා නුවරඑළිය දිස්ත්‍රීක්ක වලට 'අත' ලකුණින් තරඟ කරන බව ඊයේ (16) වනවිටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කර තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න