මාසික බිල් ගෙවන්න සහන කාලයක් දෙන්න : පාරිභෝගික සංගම් වෙතින් ඉල්ලීමක් !

මාසික බිල් ගෙවන්න සහන කාලයක් දෙන්න : පාරිභෝගික සංගම් වෙතින් ඉල්ලීමක් !

නව කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් රටම භීතියට පත්ව ඇති බවත් ඒ හමුවේ මාසික බිල්පත් ගෙවීම් කටයුතු වෙනුවෙන් නියමිත කාලය දීර්ඝ කර  පාරිභෝගික ජනතාව වෙත සහනයක් දෙන  ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි."

මාසික  සේවා ගාස්තු ගෙවීමට ලබා දී ඇති කාලය දීර්ඝ කරන්න." යන ශීර්ෂයෙන් යුතුව නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරය මේ ඉල්ලීම සිදුකර ඇති අතර එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේද අඅවධානයට යොමුකර ඇත.

අදාළ නිවේදනය පහත දැක්වෙයි.කෝරෝනා වෛරසය පිළිබදව රටම භීතියට පත් වී ඇති මෙම අවස්ථාවේ මෙරට ජනතාව ගත කරමින් සිටින්නේ ඉතිහාසයේ අසීරැමක අවස්ථාවක් බව අප කවුරැත් දන්නා කාරණයකි.

තම එදිනෙදා කටයුතු නිදහසේ කරගෙන යාමට නොහැකි වී ඇති මෙවැනි අවස්ථාවක අප සංවිධානය  රජයෙන් ඉල්ලා සිටින්නේ දුරකතන බිල්, විදුලි බිල්, ජල බිල් ණය කාඩ් ගෙවීම් ලීසිං වාරික ඇතුලු සේවාවන් සදහා මුදල් ගෙවීමට ලබා දී ඇති කාල සීමාව දීර්ඝ කර දෙන ලෙසයි.

සමහර කාර්යාල වසා දැමීම නිසා තමන්ට ලැබිය යුතු මුදල් ලබා ගැනීමට නොහැකි වනවා සේම එදිනෙදා වැඩක නිරත වී වැටුප් ලබා ගන්නා ජනතාවද අසීරැ තත්වයකට පත්ව ඇත.ගරැ ජනාධිපතිතුමනිඉතාම ඉක්මනින් සේවාවන් සදහා මුදල් ගෙවීමට දී තිබෙන කාළ සීමාව දීර්ඝ කර දෙන ලෙස සමස්ත පාරිභෝගික ජනතාව වෙනුවෙන් අප ඉල්ලා සිටිමු.

මෙයට,

විශ්වාසි 
 රංජිත් විතානගේ - සභාපති  පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න