මැතිවරණය කල්දාන්න : පෙරටුගාමීන්ද ඉල්ලයි - කුමාර් මහත්තයාගේ ලිපිය මෙන්න !

මැතිවරණය කල්දාන්න : පෙරටුගාමීන්ද ඉල්ලයි - කුමාර් මහත්තයාගේ ලිපිය මෙන්න !

පවතින කොරෝනා ආසාදන තත්වය උග්‍රවීමත් සමග  ආණ්ඩුව මහමැතිවරණය සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින ආකාරය පිළිබඳ විරෝධය දක්වමින්  (16) පෙරටුගාමී සමාජවාදී පක්ෂය  මැතිවරණ කොමිෂන් සභාවට නිල වශයෙන් දන්වා ඇත.

එම පක්ෂයේ මහ ලේකම් කුමාර් ගුණරත්නම් විසින් එම ලිපිය  යොමුකර ඇති අතර එය  පහත දැක්වෙයි.

සභාපති,
මැතිවරණ කොමිෂන් සභාව,
මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය,
රාජගිරිය.

සභාපතිතුමනි,
2020 මහ මැතිවරණය පැවැත්වීමට අදාලව මතුවී තිබෙන සංකීර්ණතාවය !

2020 මහ මැතිවරණය සඳහා මේ වනවිට නාම යෝජනා කැඳවෙමින් තිබෙන අතර මැතිවරණය අපේ‍්‍රල් මස 25වැනිදා පැවැත්වීමට නියමිත බවට නිල ගැසට් නිවේදනය නිකුත් වී තිබේ. ඒ අතරම ඣඪෂෘ 19 හෙවත් කොරෝනා වෛරසය ලොව පුරා වසංගතයක් ලෙස පැතිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ලංකාවද අවදානමකට මුහුණ දී ඇත. මාර්තු 15වැනිදා රාත‍්‍රී වනවිට රෝගීන් 18 දෙනෙකු වාර්තා වී තිබු අතර එම සංඛ්‍යාව මොහොතින් මොහොත ඉහළ යමින් තිබේ. 

මැතිවරණයකට උචිත අවස්ථාව මෙය නොවේ !

ලංකාවද වසංගත තත්වයක් පිළිබඳ අවදානමට මුහුණ දී තිබෙන බව පැහැදිලිය. රජය මේ වනවිට පාසල්, විශ්ව විද්‍යාල, සිනමා ශාලා, සත්ව උද්‍යාන, උද්භිද උද්‍යාන ඇතුළු පොදු විනෝද කටයුතු සඳහා වෙන්ව ඇති ස්ථාන වසා දැමීමට තීරණයකර ඇත. පොදු ප‍්‍රවාහන සේවාවලදී මතුවන අවදානම හේතුකොටගෙන රජයේ සහ වෙළඳ නිවාඩුවක්ද ප‍්‍රකාශයට පත්කර ඇත. මේ සියල්ල මෙලෙස තීරණය වන්නේ සමාජය යම් අවදානම්කාරී තත්වයකට මුහුණ දී ඇති නිසා බව පෙනී යන අතර එවැනි තත්වයක් මැතිවරණය පැවැත්වීමට බල නොපාන්නේ මන්ද යන ප‍්‍රශ්නය මතුවේ. අනෙක් සියළු ක්ෂේත‍්‍රයන් සඳහා බලපෑම් කර තිබෙන කොරෝනා වෛරස වසංගත තත්වය මැතිවරණය කෙරෙහිද බලපෑම් කරන බැවින් මේ අවස්ථාවේ මහ මැතිවරණයක් පැවැත්වීම උචිත නොවන බව අපගේ විශ්වාසයයි.

මැතිවරණය නිසා කොරෝනා ව්‍යාප්තිය වැඩිවීමේ අවධාමක් !

මැතිවරණ ක‍්‍රියාවලිය නිසා රෝගය පැතිරීමේ අවදානම වැඩිවන බව පැහැදිලිය. විශේෂයෙන් මැතිවරණ කටයුතු සඳහා මැතිවරණ කොමිසමට මානව සම්පත් නොමැති අතර ඒ සඳහා යොදා ගනු ලබන්නේ පවතින රාජ්‍ය යාන්ත‍්‍රණයයි. මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන්, පොලීසිය සහ අනෙකුත් ආරක්ෂක අංශ භාවිතා කිරීම තුළ වසංගතය මැඩලීම සඳහා ඇති අවස්ථා තවත් සීමා වීමට ඉඩ ඇත්තේ රාජ්‍ය යාන්ත‍්‍රණයේ ක‍්‍රියාකාරීත්වයේ ඇති බරපතල සීමාකාරීත්වය හේතුවෙනි. මේ අවස්ථාවේදී එම යාන්ත‍්‍රණය යොදා ගැනීමේ ප‍්‍රමුඛතාව ලබාදිය යුත්තේ වසංගත තත්වයට මුහුණ දීමට මිස මැතිවරණ කටයුතු සඳහා නොවන බව මැතිවරණ කොමිසමද පිළිගනු ඇතැයි සිතමු. පවතින තත්වය තුළ මැතිවරණ කාර්යාලය පවා මාර්තු 16 දින වසා දැමීමට සිදුවූ අතර නාම යෝජනා භාර ගැනීමේ කටයුතුද අත්හිටුවීමට සිදුවිය. මැතිවරණ කාර්යාලයේ කාර්යමණ්ඩලය සම්බන්ධයෙන් පවා එවැනි සංකීර්ණත්වයක් තිබෙන තත්වයක් තුළ රට පුරා මැතිවරණයක් කැඳවීම සුදුසු නැති බව අවිවාදිතය. 

ජනතා උනන්දුව නැතිවීමේ ප්‍රශ්නය !

එමෙන්ම මෙවැනි අවදානම්කාරී තත්වයක් තුළ ජනතාවගේ ජන්දය  භාවිතා කිරීමේ උනන්දුව සහ  ජන්දය භාවිතා කිරීමට පැමිණෙන ප‍්‍රතිශතය පහත වැටීමට ඉඩ ඇති අතර එයද මහ මැතිවරණය වැනි අවස්ථාවකදී ජනතාව සතු ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතියක් උල්ලංඝනය වීමකි.  එමෙන්ම මාර්තු 28දින දක්වා මැතිවරණ රැුස්වීම් ඇතුළු පිරිස් ඒකරාශී කරන සියලූ කටයුතු අත්හිටුවා ඇති බව පොලීසිය දැනුම් දී ඇති අතර එම දිනයෙන් පසුව වුව මැතිවරණ රැස්වීම් ජනහමු, ගෘහස්ත සාකච්ඡුා සහ කැන්වසින් ව්‍යාපාර පැවැත්වීම කළ හැකිද යන්න ප‍්‍රශ්නකාරීය. දැනට ප‍්‍රකාශයට පත්ව ඇත්තේ ජනතාව හමුවට යන කටයුතු සියල්ල නවතා දමා මාධ්‍ය හරහා මැතිවරණ ප‍්‍රචාරයේ යෙදෙන ලෙසය. නමුත් මාධ්‍යවල දැන්වීම් පළ කරමින් ප‍්‍රචාරක කටයුතුවල නිරත විය හැක්කේ මැතිවරණය සඳහා රුපියල් බිලියන ගණනින් වැය කරන අපේක්ෂකයන්ට සහ දේශපාලන පක්ෂවලට පමණක් බැවින් මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය තුළම දැවැන්ත අසමානතාවක් සහ අසාධාරණයක් ඇතිවේ. එමෙන්ම සමස්ත සමාජයම වසංගතයක් පිළිබඳ බියකින් පසු වෙද්දී මැතිවරණ ප‍්‍රචාරක ක‍්‍රියාවලියක් දියත් කළ නොහැකි අතර එම වසංගතයට මැදිහත්වීම හරහා ආණ්ඩු බලයේ සිටින පක්ෂවලට පමණක් එවැනි මැදිහත්වීමක් සිදුකළ හැකිය.

දැනටමත් වසංගත රෝග මර්දන ක‍්‍රියාවලිය හරහා දේශපාලන ප‍්‍රචාරක ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක වන ආකාරය ඔබගේ අවධානයට යොමු කරමු. එහිදී ආණ්ඩු බලය සමග සම්බන්ධ පක්ෂවවලට සහ අපේක්ෂකයන්ට විශේෂ වාසියක් හිමිවන අතර මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ දැඩි අසමානතාවක් ඇතිවේ. සියලූ දේශපාලන පක්ෂවල ප‍්‍රතිපත්ති අවධානයට ගෙන සිය ඡුන්දය භාවිතා කිරීම පිළිබඳව තීරණයක් ගැනීමේ ජනතාව සතු මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක්ද මෙමගින් අහෝසි වන අතර ජනතාවට තීරණයක් ගැනීමට සිදුවනුයේ මුදල් බලය භාවිතාකර ප‍්‍රචාරයේ යෙදෙන අතලොස්සකගේ ප‍්‍රචාරය මත පදනම්ව වීම වැළැක්විය නොහැක. එලෙස අසමාන කොන්දේසි යටතේ මුදල් බලය, රාජ්‍ය බලය, සිවිල් බලය සහ මාධ්‍ය බලය අතැතිව සිටින පක්ෂ සහ අපේක්ෂකයන් අතලොස්සකට පමණක් වාසිවනසේ අනෙකුත් අපේක්ෂකයන්ට සහ පක්ෂවලට සිය ප‍්‍රතිපත්ති පවා සමාජගත කළ නොහැකි වනසේ කොන්දේසි සකස්කර මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් අපගේ දැඩි විරෝධය ප‍්‍රකාශ කර සිටිමු.

පවතින කොරෝනා වසංගත තත්වය සහ ජනතාව මුහුණ දී තිබෙන ජීවිත සහ සෞඛ්‍යය සම්බන්ධ තර්ජනය සැලකිල්ලට ගෙන 2020 අපේ‍්‍රල් 25 වැනිදාට පැවැත්වීමට නියමිත මහ මැතිවරණය කල් තබන ලෙසත්, නාම යෝජනා කැඳවීමෙන් පසු කල් තැබීම නිසා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වන රජයේ සේවකයන් ඇතුළු පිරිස් මුහුණ දෙන දුෂ්කරතා මෙන්ම තවමත් පිළිගත් දේශපාලන පක්ෂ කිසිවක් නාම යෝජනා ලබාදී නැති තත්වය සැලකිල්ලට ගෙන එම මැතිවරණ කල් තැබීම නාම යෝජනා පිළිබඳව අවසාන නිගමනය ස්ථිර වීමට පෙර සිදු කරන ලෙසත් ඉල්ලා සිටිමු. තවද මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමග සාකච්ඡුා කිරීම සඳහා අප පක්ෂයේ නියෝජිත පිරිසකට 2020 මාර්තු 17වන දින සාකච්ඡුාවක් ලබා දෙන ලෙසද ඉල්ලා සිටිමු.  
ස්තුතියි.
මෙයට,

කුමාර් ගුණරත්නම්
ප‍්‍රධාන ලේකම්
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2020 මාර්තු 16

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න