ආණ්ඩුවේ හොඳ වැඩක් : මුඛ ආවරණ සහ විෂබීජ නාශක ආනයනික බදු ඉවතට !

ආණ්ඩුවේ හොඳ වැඩක් : මුඛ ආවරණ සහ විෂබීජ නාශක ආනයනික බදු ඉවතට !

රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ ශක්තිමත්ව තව දුරටත් ඉදිරියට රැගෙන යාමේ අරමුණෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස ලබා දුන් උපදෙස් පරිදි ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.

මේ සම්බන්ධව නිල මාධ්‍ය නිවේදනය මුදල් අමාත්‍යාංශය විසින් අද නිකුත්කර තිබේ.ඒ අනුව අදාළ ආනයනික භාණ්ඩ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට යටත් කර ඇත.

දැනට රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ හේතුවෙන් අදාළ භාණ්ඩ වෙත ඇති වී තිබෙන අධික ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මුදල් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇති බව එම නිවේදනය සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න