මහනුවරින් මහේෂ් සේනානායක : එජාපයෙන් මහ මැතිවරණයට !

මහනුවරින් මහේෂ් සේනානායක : එජාපයෙන් මහ මැතිවරණයට !

මාධ්‍යවේදී සගයකු වන මහේෂ් සේනානායක මහනුවර දිස්ත්‍රික්කයෙන් එළඹෙන මහ මැතිවරණය සඳහා අද (18) නාම යෝජනා අත්සන් කර ඇත.

ඒ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පක්ෂයේ ඉහළ පෙළ නායකයින් කිහිපදෙනෙකුම සිදුකළ ඉල්ලීමට අනුවය. 
 
එසේම පක්ෂ ක්‍රියාකාරීන් රැසක්ද  මාධ්‍යවේදී මහේෂ් සේනානායක මහනුවර දේශපාලන කටයුතු ඇරඹීමට මේ සුදුසුම අවස්ථාව බවත් ලිබරල් මෙන්ම ජව සම්පන්න  තරුණ නායකත්වයක් මහනුවරට අවශ්‍යම මොහොතක පසුවෙන බැවින් ආරාධනය පිළිගන්නා ලෙස ඉල්ලා ඔහුගෙන් ඉල්ලා ඇති අතර අද පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් හමුවේ නාම යෝජනා අත්සන් කර ඇත්තේ ඒ අනුවය.
 
එසේම මෙවර මැතිවරණය අවස්ථාවේ යටිනුවර ආසනයේ සංවිධාන වගකීමද මහේෂ් සේනානායකට පවරා ඇති බව එජාප ආරංචිමාර්ග  පවසයි.
 
මාධ්‍යවේදියකු සිංහල - ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන්ම කටයුතු කිරීමේ හසළ දැනුමක් ඇති මහේෂ් සේනානායක නිවේදකයකු ලෙසත් එම කාර්යය දක්ෂ ලෙස සිදුකල හැකි අතලෝස්සෙන් අයෙකු ලෙස ප්‍රසිද්ධය. මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයකු වන ඔහු පාසල් සහ අන්තර සමාජ රගර් ක්‍රීඩකයකු ලෙස දස්කම් දැක්වුවෙකු වන අතර පසුකාළීනව රගර් විනිසුරුවරයකු ලෙසද  කටයුතු කරයි.
 
එසේම නැගී එන තරුණ ව්‍යවසායකයකු, සන්නිවේදන උපදේශකයකු, ලෙසත් අත්දැකීම් රැසක් ඇති ඔහු සමාජ වෙළඳපොල ආර්ථික ක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය දැඩිව විශ්වාස කරන සහ ඒ වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදියකු ලෙස ප්‍රසිද්ධය.
පාට පක්ෂ භේද කුමක් වුවත්, එළඹෙන මහ මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තු යන 225 අතර මහේෂ් සේනානායක සිටිය යුතුම අයෙකු බව පවසමින් අපි ඔහුට සුබ පතමු !
IMG 20200318 WA0015

IMG 20200318 WA0013

IMG 20200318 WA0011

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න