යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක : සමගි ජන බලවේගයෙන් කුරුණෑගලට !

යුධ හමුදා  මාධ්‍ය ප්‍රකාශක : සමගි ජන බලවේගයෙන් කුරුණෑගලට !

ශ්‍රී ලංකා යුධ හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක සහ යුධහමුදා මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා නාමයෝජනා අත්සන් කර ඇතැයි වාර්තාවේ.ඒ අනුව, සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු 'සමගි ජන බලවේගය' නියෝජනය කරමින් ඔහු කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වේ.  ඔහු හලාවත ශාන්ත මරියා විදුහලේ ආදී ශිෂ්‍යයෙකි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට බැඳී වසර 32 ක යුද්ධ හමුදා සේවා කාලයකට හිමිකම් කියන මේජර් ජනරාල් සුමිත් අතපත්තු, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ තනතුරු ද ඇතුලු යුද්ධ හමුදාවේ අණ සහ මාණ්ඩලික තනතුරු රැසක රාජකාරි කටයුතු ඉටු කර ඇත.

1987 දෙසැම්බර් මස 12 වන දින යුද්ධ හමුදා අධිකාරියට පත් සුමිත් අතපත්තු, අධ්‍යක්ෂ ජනමාධ්‍ය ලෙස පත්වීමට ප්‍රථම ගාල්ල, බුස්ස ප්‍රදේශයේ ස්ථාපිත 58 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කරන ලදි. 

එසේම, ඔහු යාන්ත්‍රික පාබල රෙජිමේන්තු බලසේනාවේ බලසේනාධිපති ලෙසත්, මින්නේරිය පිහිටි පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක ලෙසත් කටයුතු කර ඇත.

කුරුණෑගල නිකවැරටිය ප්‍රදේශයේ ප්‍රභූ පවුලක අයකු වන සුමිත් අතපත්තු, ෆෙඩ්රිකා අතපත්තු මහත්මිය සමඟ විවහා වී සිටින අතර දරුවන් තිදෙනෙකුගේ දයාබර පියෙකු වේ.

විශ්‍රාම ගත්තේ පසුගිය මාසයේ !

යුධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු පසුගිය මාසයේදී සක්‍රිය හමුදා සේවයෙන් විශ්‍රාම ගනු ලැබිය. 

වසර 34 ක යුධ හමුදා සේවය නිම කළ ඔහුව වීශ්‍රාම ගැන්වීම සහ ඔහුට අවසන් ආචාර පෙළපාලිය පැවැත්වීම පසුගිය පෙබරවාරි 07 දින පෙරවරුවේ දඹුලු හල්මිල්ලෑව  යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න