අද අළුයම ගෙනා දඹදිව වන්දනා නඩය : නිරෝධායනයට නොයවා ගෙදර යවලා !

අද අළුයම ගෙනා දඹදිව වන්දනා නඩය : නිරෝධායනයට නොයවා ගෙදර යවලා !

අද (19) අළුයම 03.40 ට පමණ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට මෙරටට ගෙනෙනු ලැබූ දඹදිව වන්දනාවේ ගොස් සිටි මෙරට වැසියන් පිරිස කිසිඳු නිරෝධායනයකට ලක්නොකර නිවෙස් කරා යොමුකර ඇති බව වාර්තා වෙයි.

පසුගියදා ජනාධිපති කාර්යාලයේ කැඳවා තිබූ කොරෝනා විශේෂ කාර්ය සාධක සාකච්ඡාවේදී අගමැති මහින්ද රාජපක්ෂ විසින් මොවුන් සම්බන්ධ කරුණ ඉදිරිපත් කර තිබිණ.

ඒ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළින් දිවයිනට මගීන් ඇතුළත් කරගැනීම නැවැත්වීම හමුවේ අදාළ වන්දනාකරුවන්ට පැමිණීමට නොහැකිව ඇති බව පවසමින්ය.

එහිදී ගනුලැබූ තීන්දුවක් අනුව  දඹදිව වන්දනාවේ ගොස් ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් යානයක් නවදිල්ලිය වෙත පිටත් කර යවා ඇත. අද අළුයම පැමිණ ඇත්තේ එම වන්දනාකරුවන් පිරිසය.

මේ වන විට ඉන්දියාවේද කොවිඩ් 19 නොහොත් නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතී. 

එබැවින් මෙම පිරිස් නිරෝධායනය මධ්‍යස්තාන යොමු කිරීමට ඊයේ (18) තිරණය කර තිබුණද දඹදිව වන්දනාවේ ගොස් නැවත මෙරටට පැමිණි පිරිස කිසිඳු නිරෝධායන කටයුත්කට භාජනය නොකර නිවෙස් කරා යොමුකර ඇති බව දෙරණ වෙබ් අඩවියත් වාර්තා කර ඇත.

ගෝලීය වසංගතය පාලනය කිරීමට තිබූ සියලු අවස්ථා ගිලිහී ගිහින් - ලෝක සෞඛ්‍ය සංවිධාන !

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය නැවතත් කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් පවසන්නේ, ගෝලීය වසංගත තත්ත්වය පාලනය කිරීමට තිබූ අවස්ථා සියල්ල මේ වන විට ගිලිහී ගොස් ඇති බවයි. 

ඒ හේතුවෙන් සියලු රටවල් වහාම ක්‍රියාත්මකවීමෙන් ආසාදිතයින් හුදෙකලා කිරීම, පරීක්ෂා කිරීම සොයා බැලීමේ වැඩසටහන් කඩිනම් කිරීමට රජයන් කටයුතු කළ යුතු බවද ඔවුන් අවධාරණය කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න