කොවිඩ් 19 : ලංකා කලාපයට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැඩි අනතුරු ඇඟවීමක් !

 කොවිඩ් 19 : ලංකා කලාපයට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැඩි අනතුරු ඇඟවීමක් !

කොරෝනා ආසාදිතයන් වර්ධනයේදී ශ්‍රී ලංකාව ඉහළ වර්ධනයක් පෙන්නුම් කරමින් සිටින බව විද්වත් මතය වී තිබේ.

ශ්‍රී ලාංකිකයෙකුට පළමු වරට මෙරට දී කොරෝනා වෛරසය ආසාදනයවී වාර්තා වූයේ  පසුගිය මාර්තු 11වැනිදාය. එතැන් සිට  18 දක්වා වූ සතියේ දී මෙරටින් කොරෝනා ආසාදිතයන් 52 ක්  වාර්තා වී තිබේ.

එය කොරෝනා ආසාදිත රටවල් වල පළමු සතිය තුළ වාර්තා වූ ඉහළම අගයකි.

මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා රෝගියා වූයේ චීන ජාතික කාන්තාවකි. ඇය ජනවාරි මාසයේදී රෝහල්ගත වී සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය අතර ඇයව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සිපගෙන සමුදුන් අයුරු මාධ්‍ය මගින් පෙන්වනු ලැබිණ.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැඩි අනතුරු ඇඟවීමක් !

 මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අගහරුවාදා (මාර්තු 17) අග්නිදිග ආසියාවේ රටවලට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ඊට අනුව "තත්ත්වය වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා. වෛරසය වැඩි පිරිසකට ආසාදනය වීම වැළැක්වීම සඳහා අප ගන්නා සියලු උත්සහයන් වහා ම වැඩි කළ කළ යුතුයි," ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය පූනම් ඛෙත්‍රපල් සිං පවසයි.

"සමූහ වශයෙන් වෛරසය සම්ප්‍රේෂණය වෙන බව තහවුරු වෙලා තියෙනවා. මෙය සුපරීක්ෂාකාරී හා ඵලදායී සෝදිසියක් පිළිබද අනතුරු ඇඟවීමක් වන අතර, COVID-19 තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා වඩාත් ක්‍රියාශීලී හා සමස්ත සමාජ ප්‍රයත්නයක අවශ්‍යතාව ද එමගින් අවධානයට ලක් කරනවා." ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයට අයත් රටවල් 11 අතරින් රටවල් 8ක කොරෝනාවෛරසය ආසාදිතයින් තහවුරු වී තිබේ. ඒ, තායිලන්තය, ඉන්දුනීසියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින, බංග්ලාදේශය,නේපාලය, භූතානය වශයෙනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න