කොවිඩ් ආසාදිතයන් 76 දක්වා ඉහළට !

කොවිඩ් ආසාදිතයන් 76 දක්වා ඉහළට !

අද (21) වන විට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 76 දක්වා ඉහළ ගොස්  ඇති බව රජයේ ආරංචිමාර්ග පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කරන ආකාරයට අද වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 04 දෙනෙකු වාර්තාවී ඇති අතර මෙම කොරෝනා වෛරස ආසාදිතයින් අනුරාධපුර රෝහලෙන් වාර්තා වී තිබේ.

ඇඳිරි නීතිය කඩපු 68ක් ඇතුළේ !

මේ අතර සමස්ථ රටම ආවරණය කර ඇති පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 68 දෙනෙකු මේවනවිට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

අද උදෑසන වනවිට පුද්ගලයින් 30 දෙනෙකු ඇඳිරි නීතිය කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි අතර පොලිසිය පැවසුවේ මේවනවිට තවත් පුද්ගලයින් 38 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

හැටන්, දවුලගල, කෑගල්ල, හලාවත, උහන, බණ්ඩාරගම සහ බණ්ඩාරවෙල යන ප්‍රදේශවලදී මොවුන් අත්අඩංගුවට පත්ව තිබුණි.

පොලිසිය පවසන ආකාරයට  ඇදිරි නීතිය පනවා ඇති අවස්ථාවේ මාර්ගවල සැරිසරමින් සිටියදී  ඔවුන්ගෙන් බහුතරයක් අත්අඩංගුවට පත්ව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න