සැමන් , පරිප්පු නැති වෙද්දී : ජනාධිපති දෙන තවත් සහන 16ක්

සැමන් , පරිප්පු නැති වෙද්දී : ජනාධිපති දෙන තවත් සහන 16ක්

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇති අතර ඒ යටතේ සහන 16 නිකුත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

සියලු සහන අද (23) සිට ක්‍රියාත්මක කර ඇතැයි එම නිවේදනයේ දැක්වෙන අතර මේ සහන ජනතාවට ලබාදීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සහ සියලුම බැංකු, මූල්‍ය ආයතන හා කල්බදු ආයතන ප්‍රධානීන් වෙත නියෝග කර ඇති බවත් සඳහන්ය.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය මෙම පුවත අවසානයේ දක්වා ඇත.

සැමන් - පරිප්පු හිඟයක් !

මේ අතර අද (23) උතුරු පළාත සහ කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක වල හැර අනෙක් සියලු ප්‍රදේශ වල ඇඳිරි නීතිය උදේ 6.00 අවසන් වී නැවත පස්වරු 2.00 ට පැනවිණ. 

ඒ අවස්ථාවේ අත්‍යාවශ්‍ය ආහාර ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි ජනතාව පවසා සිටියේ සතොස වෙළඳ සල් වල පවා මේ වන විට මිල සහන ලබාදී ඇති පරිප්පු සහ සැමන් නොමැති බවය.

අනුරාධපුර, මාතලේ ඇතුළු ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව මේ සම්බන්ධව චෝදනා නගන ආකාරය සිරස විසින් විකාශය කර තිබුණේ මේ ආකාරයටය.

වීඩියෝ 

කෙසේ වුවත් ආණ්ඩුව කියන්නේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇති වෙන්න වෙළඳපොල වෙත නිකුත්කර ඇති බවය. 

එහෙත් ජනතාව මේ ආකාරයට ප්‍රසිද්ධියේ ආණ්ඩුව විවේචනය කරන අතරේ ජනාධිපති ලබාදුන් බව කියන අලුත්ම සහන 16 සහිත මාධ්‍ය නිවේදනය පහත දැක්වෙයි.  

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය 

FB IMG 1584972044081

FB IMG 1584972048666

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න