තත්ත්වය බරපතළයි : මහින්ද වැඩේ අතට ගනියි : පක්ෂ නායක රැස්වීමක් කැඳවයි !

තත්ත්වය බරපතළයි : මහින්ද වැඩේ අතට ගනියි : පක්ෂ නායක රැස්වීමක් කැඳවයි !

කොවිඩ් 19 වෛරසය ආසාදයන වූ රෝගීන් දිනෙන් දින ඉහළ යාමත් සමග ‌හෙට (24) දිනයේ වහාම විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමටත් ඒ සඳහා පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කල සියළු පක්ෂ නායකයන්ට ආරාධනා කිරීමටත් අගමැති මහින්ද රාජපක්ෂ පියවර ‌ගෙන තිබේ.

ඒ අනුව ‌හෙට ‌පෙරවරුවේ ‌මෙම හදිසි පක්ෂ නායක රැස්වීම අරලියගහ මන්දිරයේ පැවැත්වීමට සැලසුම් කර ඇත.

දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ මෙවැනි පක්ෂ නායක රැස්වීමක් ඉකුත් සිකුරාදා (21) වනදා පැවැත්වීමට අගමැති මහින්ද රාජපක්ෂ  සැලසුම් කර තිබූ බවයි. නමුත් හදිසියේම ඇඳිරි නීතිය පැනවීමට සිදුවූ බැවින් එය පැවැත්වීමට ‌නොහැකිවූ බවත් එම ආරංචිමාර්ග පවසයි.

පසුගිය කාලය පුරා විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් මෙන්ම විද්වතුන්, විචාරකයන්, මාධ්‍යවේදීන් රැසක් අවධාරණය කර සිටියේ පක්ෂ නායක රැස්වීමක් සහ පාර්ලිමේන්තුව නැවත කැඳවීමක් අවශ්‍ය බවය. ගෝලීය වසංගතයක් අවස්ථාවේ එවැන්නක් සිදුනොවීම ගැන ඇතැම් පාර්ශව කණගාටුවෙන් යුතුව අදහස් දක්වනුද දක්නට ලැබිණ.

මේ වන විට වාර්තා වන්නේ ‌හෙට දිනයේදී මේ පක්ෂ නායක හමුවේදී යළි පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව ඇති අවස්ථා ගැනත් සාකච්ඡා කෙරෙන බවය.

එසේම මේ මොහොතේදී හෝ අගමැතිවරයා ගෝලීය වසංගතය ජාතික ව්‍යසනයක් වීමට පෙර සියලු පක්ෂ සහ පාර්ශවයන් කැඳවීම  බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න