වතුකරය හාමතේ : දෙනවා කිව්ව 1000ත් නෑ - කුළියක් කරගන්නත් නෑ !

වතුකරය හාමතේ  : දෙනවා කිව්ව 1000ත් නෑ - කුළියක් කරගන්නත් නෑ !

අද (23) පෙරවරු 6.00 ට ඉවත්කළ ඇඳිරි නීතිය යළි පස්වරු 2.00 ට පනවනු ලැබුණු අතර එහිදී වතුකර ප්‍රජාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට කල්වේලා මදිවීමේ තොරතුරු රැසක් වාර්තා වෙයි.

ඇඳිරි නීතිය හමුවේ වතුවැඩ අහිමිවීම මෙන්ම අතේ මුදල් නොමැතිවීම හේතුවෙන් වතු කම්කරුවන් රැසක් අද උදෑසන දෛනික කුළියක් සොයා ඇවිද ඇති බවත් ඇතැමුන්ට පස්වරු 2.00 වන විට නගරයට ගොස් භාණ්ඩ ගැනීමට නොහැකිව ඇත්තේ එනිසා බවත් වාර්තා වෙයි.
ඇතැම් ස්ථානවලින් වාර්තා වන්නේ ඇඳිරි නීතිය යළිත් පැනවීම සම්බන්ධව ඇතැමුන්ට නිසි අවබෝධයක් තිබී නොමැති බවය.
එසේම ඇතැමුන් ඇඳිරි නීතිය යළි පනවා ඇති විටදී පවා නගරයට පැමිණීමට පිටත්වූ අවස්ථා ගැනත් වාර්තා වෙයි. ඔවුන් සියලුදෙනාම පාහේ මුහුණදී ඇති ගැටලුව වන්නේ ඇඳිරි නීතිය හේතුවෙන් වතු රස්සාවට අමතරව වෙනත් කුළියක් කරගෙන අමතර මුදලක් සොයා ගැනීමේ දුෂ්කරතාවය. 
ජනාධිපතිවරණය අවස්ථාවේ සහ ඉන් පසුවත් වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1000ක් කිරීමට පොදුජන පෙරමුණ ආණ්ඩුව පොරොන්දු වුවත් එය වචනයට පමණක් සීමාවී ඇත. වරෙක ආණ්ඩුව පවසා සිටියේ 2020 මාර්තු පළමුවෙනිදා සිට වතුකර ජනතාවගේ දෛනික වැටුප රුපියල් 1000.00 කරන බවය. එහෙත් එවැන්නක් සිදුව නැත. 
දැන් එම ජනතාව ඇඳිරි නීතිය හමුවේ බරපතළ අර්බුදයකට පත්ව ඇති අතර ඒ හමුවේ ආණ්ඩුව වෙතින් කිසියම් සහනයක් අපේක්ෂාවෙන් ඔවුන් පසුවෙයි. හැමදේටම අලුත් සිස්ටම් හදනවා කියමින් පැමිණි ආණ්ඩුව තවමත් පෙන්නුම් කරන්නේ අලුත් සිස්ටම් හැදිල්ල කෙසේ වෙතත් පරණ සිස්ටම් යටතේ හෝ ජීවත්වීමේ අවම කොන්දේසි සපුරාලන්නට පවා අසමත්වී ඇති බවය.
කෙසේ වුවත් මේ මොහොතේ ආණ්ඩුව විසින් වතුකරය වෙත විශේෂ අවධානයක් යොමුකළ යුතුව ඇත. ඒ අවම වශයෙන් වියළි සළාක සැපයුමක් හරහා හෝ එම ජනතාවට සහනයක් සළසමින්ය. එක පසෙකින් අවම ජීවන පහසුකම් යටතේ ජීවත්ව සිටියදී  කොරෝනා නිසා අලුත් භීතියකින් වෙලී සිටින එම ප්‍රජාව අනෙක් පසින් ජන්ද පොරොන්දු රැසක් තුළ රවටා ඇති ඒ ප්‍රජාව මේ මොහොතේ වසංගතයක් නිසා සාගත තත්ත්වයට පත්නොකළ යුතු නිසාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න