මෙරට තුළ කොවිඩ් 19 නොහොත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන 91 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අලුතින් ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙතෙක් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 91ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අතරින් දෙදෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට පුද්ගලයින් 222 දිවයිනේ රෝහල් 18ක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.
වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 45ක පුද්ගලයන් 3506 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර ඇති බව රජය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
