මත්පැන් හා සුවඳ විලවුන් නිෂ්පාදන සමාගම් 'සැනිටයිසර්' නිපදවීම අරඹයි !

මත්පැන් හා සුවඳ විලවුන් නිෂ්පාදන සමාගම් 'සැනිටයිසර්' නිපදවීම අරඹයි !

ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ටිටෝස් වොඩ්කා සමාගම සිය ස්කාගාරය මේ මොහොතේ ලෝකයට වැඩියෙන්ම අවශ්‍ය වී ඇති අත් පිරිසිදු කරන විෂබීජ නාශක හෙවත් සැනිටයිසර් (sanitizers) නිෂ්පාදනය සඳහා යොදාගන්නා බව නිවේදනය කරයි."

අපගේ සම්මත වොඩ්කා නිෂ්පාදනය ඔබට සැනිටයිසර් (අත් සේදුම් කාරකයක්) ලෙස භාවිත කරන්න හැකියාවක් නෑ. මේ නිසා ස්කාගාරයේ සිටින අපගේ කණ්ඩායම රජයේ මඟ පෙන්වීම් මත, පිළිපැදිය හැකි සැනිටයිසර් නිෂ්පාදනය කිරීම සඳහා සූදානම් වෙනවා" යැයිද එම සමාගම් නිවේදනයේ සඳහන් වෙයි.

"අප සතුව තවමත් සියලු විස්තර නොමැති වුවත්, මේ සැනිටයිසර් නිෂ්පාදන වඩාත් අත්‍යවශ්‍යව ඇති අපගේ ප්‍රජාව වෙත නොමිලේ ලබාදීමට අප කටයුතු කරනවා."නව කොරෝනා වෛරසය හමුවේ මේ ආකාරයෙන් තම නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම උඩු යටිකරු කළ ප්‍රථම සමාගම ඔවුන් නොවේ.මෙම මස මුලදී, ක්‍රිස්ටියන් ඩයර්, ගුවර්ලේන් සහ ගිවෙන්චි හි මව් සමාගම වන සුඛෝපභෝගී භාණ්ඩ සමූහ ව්‍යාපාරයක් වන LVMH පවසා සිටියේ සැනිටයිසර් නිෂ්පාදනය කර ප්‍රංශයේ සෞඛ්‍ය අංශ වෙත ඒවා නොමිලේ ලබාදීමට ඔවුන් ක්‍රියාකළ බවයි.

LVMH සමාගම වැඩිදුරටත් පවසා සිටියේ සිය සුවඳ විලවුන් හා ආලේපන වර්ග නිපදවන සියලුම නිෂ්පාදනාගාර සැනිටයිසර් නිෂ්පාදනය සඳහා යොදාගන්නා බවයි.එතනෝල් ලීටර් ලක්ෂයක් කොරෝනා මර්දනයටමේ අතර සුරාබදු දෙපාර්තමේන්තුව භාරයේ තිබූ එතනෝල් ලීටර් ලක්ෂයක් කොරෝනා මර්දනයට අවශ්‍ය සැනිටයිසර් නිෂ්පාදනය සඳහා ලබාදීමට තීරණය කර තිබෙන බව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි සඳහන් කරයි.අම්පාර අධිකරණය රාජසන්තක කර තිබූ එතනෝල් තොගයක් මෙලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරදෙන බව ඔහු  වැඩිදුරටත් පැවසීය. 

අවවාදයයි !

නව කොරෝනා වෛරසයට එරෙහිව ඔබට ආරක්ෂාවීමට නම් ඇල්කොහොල් (මද්‍යසාර) අඩංගු අත් සෝදනයක් හෝ සබන් හා වතුර යොදා ගනිමින් අත් සෝදන්න.

ඔබේ අත් පිරිසිදු කර ගැනීමෙන් පසුව කඩදාසි සාලු හෝ උණුසුම් වායු වියලන යොදාගනිමින් මනාව වියළා ගන්න.

අත් පිරිසිදු කරන විෂබීජ නාශක හෙවත් සැනිටයිසර් (sanitizers),  සබන් තරමටම විශ්වාසදායි නොවේ.

එහෙත් අඩුම තරමින් සියයට 60ක් වත් එතනෝල් ඇති සැනිටයිසර්, බැක්ටීරියා සහ වෛරස් වල ලිපිඩ පටලය අස්ථිර කිරීමෙන් සබන් ලෙසම ඒවා පරාජයට පත් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න