ලංකාවේ පළමු ආසාදිතයාට සුවයි : ලෝකයේ මරණ 15000 පනියි !

ලංකාවේ පළමු ආසාදිතයාට සුවයි : ලෝකයේ මරණ 15000 පනියි !

කොරෝනා වයිරසය වැළඳී පූර්ණ සුවය ලැබූ පළමු ශ්‍රී ලාංකකික රෝගියා අද(23) පෙරවරුවේ අංගොඩ අයි.ඩී.එච් උණ රෝහලෙන් පිටව ගිය බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක පවසයි.

මීට දින දෙකකට පෙර ඔහු පූර්ණ සුවය පෙන්නුම් කළත් තවත් දින දෙකක් ඔහුව වෛද්‍ය අධීක්ෂණය යටතේ තබාගත් බවත් එම රෝහල් ආරංචිමාර්ග සඳහන් කර සිටියි.
මෙලෙස ශ්‍රී ලංකාව තුළදීම ආසාදිතයෙකු හමුවු‍ණේ චීනයේ වූහාන්හි වෛරස ව්‍යාප්තියෙන් දින 71කට පසුව වන අතර ඔහු ඉතාලි බස කතාකරන සංචාරක මාර්ගෝපදේශකයෙක් විය.
එසේම මේ වන විට ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් 19 ආසාදනය වුවන් අද පස්වරු 5.00 වන විට  3,49980ක් ලෝකයෙන් වාර්තා වන අතර මරණ 15,306ක් ව තිබේ. එසේම ලෝකයෙන් සුවපත් වූ ප්‍රමාණය 100345කි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න