ව්‍යසනයෙන් රට බෙර ගන්නා සැලැස්මක් ආණ්ඩුවට තියනවද ? රනිල් සැක මතුකරයි

ව්‍යසනයෙන් රට බෙර ගන්නා සැලැස්මක් ආණ්ඩුවට තියනවද ? රනිල් සැක මතුකරයි

රටත්, රට වැසියාත් කොරෝනා  ව්‍යසනයෙන් ආරක්ෂා කිරීමේ පරිපුර්ණ සැලැස්ම රජය තවමත් රටට හෙළිකර නොමැති බව හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

එජාප නායකයා මේ බව සඳහන් කර ඇත්තේ අද (23) සමාජ මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත්කරමින්ය.
 
එහිදී ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්තවීම සමඟ මුහුණදීමට සිදුවන සංකීර්ණ සාමජීය ආර්ථික සෞඛ්‍ය අර්බුද රැසක් සම්බන්ධවද අවධානය යොමුකරවා ඇත.
 
එමෙන්ම ආණ්ඩුව මෙහි බැරෑරුම් තත්ත්වය අවබෝධ කරගෙන නොමැති බවත් කොරෝනා මැඩීමට පත්කර ඇති සම්බන්ධීකරණ කමිටුව කිසිසේත් ප්‍රමාණවත් නොවන්නක් බවත් එහිදී හිටපු අග්‍රාමාත්‍යවරයා චෝදනා කරයි.
 
මෙහිදී ඔහු අවධාරණය කර දක්වන්නේ කොරෝනා මැඩලීම වෙනුවෙන් ඒ ඒ ජාතික රාජ්‍යන් නිදසුන් ලෙස, ඇමරිකාවේ උප ජනාධිපති, 
එංගලන්තයේ අගමැති, චීනයේ ජනාධිපති, ලෙස කොරෝනා පාලනය කිරීමේ කමිටුවල ප්‍රධානීන් කර ඇති බවය.
 
එබැවින් දේශපාලනික ආගමික හා සමාජීය නායකයන්, මෙන්ම මේ ව්‍යසනය ගැන දැනුම ඇති පුද්ගලයන් සහ ආයතන සියල්ල සමඟ සාකච්ඡා කොට විධිමත් පොදු සැලැස්මක අවශ්‍යතාව දිගින් දිගටම අවධාරණය කරන බවත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.
 
හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ නිකුත් කල සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

FB IMG 1584961353370

FB IMG 1584961358814

FB IMG 1584961369995

 
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න