covid-19 සුළු පටු නෑ : ආසාදිතයකුගෙන් 400කට පැතිරිය හැකියි !

covid-19 සුළු පටු නෑ :  ආසාදිතයකුගෙන් 400කට පැතිරිය හැකියි !

කොරෝනා ආසාදිත පුද්ගලයකුගෙන් මාසයක කාලයකදී තවත් පුද්ගලයන් 406 දෙනෙකුට එය ආසාදනය විය හැකි බව දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

 එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මාධ්‍ය වෙත අදහස් දක්වමින්  මේ බව කියා සිටියේය.

එනිසා පවතින තත්වය හමුවේ රජය විසින් ලබා දෙන උපදෙස් අනුව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බව ද ඔහු සඳහන් කළේය.

තාවකාලිකව ඇඳිරි නීතිය ලිහිල් කලත් එම කාලයේ දී අත්‍යවශ්‍ය නොවන කටයුතු වලට නිවෙස්වලින් බැහැර නොවන ලෙසද රජය විසින් මේ වනවිට මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

එසේ නිවසින් බැහැර වන පුද්ගලයන් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසද දැනුම් දී ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න