ඇඳිරි නීතිය 2ට : ඉන්නේ පෝළිමේ නම් බඩු අරගෙනම ගෙදර යන්න !

ඇඳිරි නීතිය 2ට : ඉන්නේ පෝළිමේ නම් බඩු අරගෙනම ගෙදර යන්න !

කොළඹ,ගම්පහ,පුත්තලම යන දිස්ත්‍රික්ක සහ උතුරු පළාතට අද (24) ඇඳිරි නීතිය පැනවීමේ වේලාව වෙනස් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

ඒ අනුව අද දහවල් 12.00 ට යළි පැනවිමට නියමිතව තිබු ඇඳිරි නීතිය සවස 2.00 පැනවීමට කටයුතු යොදා ඇත.

රජය මේ තීරණය ගෙන ඇත්තේ පාරිභෝගිකයන්ට අවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීම සඳහා කාලය අවශ්‍ය  බැවින් වන අතර  අනවශ්‍ය කලබලයක් ඇති නොවන ලෙස කටයුතු කරන ලෙසත් කොරෝනා ව්‍යාප්තිය පාලනය කරගැනීම වෙනුවෙන් හඳුන්වාදී ඇති සෞඛ්‍ය නිර්දේශ සිහිතබාගෙන කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර වැඩබලන පොලිස්පති විසින් වෙළඳ ප්‍රජාව වෙත දන්වා ඇත්තේ නියමිත වෙලාවට ඇඳිරි නීතිය පනවනු ලැබුවත් අත්‍යවශ්‍ය ආහාර ඇතුළු අනෙක් ද්‍රව්‍ය ගැනීම වෙනුවෙන් වෙළඳසල් ඉදිරිපිට පෝලිම් වල ඉන්නා පාරිභෝගික ජනතාවට අවශ්‍ය භාණ්ඩ නිකුත් කරන ලෙසය. එවැනි කටයුතු වලට පොලිසිය බලපෑමක් නොකරන බවද දන්වා ඇති  වාර්තා වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න