කොරෝනා ව්‍යාප්තිය වේගවත් වෙලා : WHO අනතුරු අඟවයි !

කොරෝනා ව්‍යාප්තිය වේගවත් වෙලා : WHO අනතුරු අඟවයි !

කොරෝනා වයිරස වසංගතය ගෝලීය වශයෙන් පැතිරීම වේගවත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනොම් මාධ්‍ය වෙත පවසා තිබේ.

එහිදී ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ වයිරසය පැතිර ගිය රටාව සම්බන්ධයෙන් කළ අධ්‍යයනයට අනුව ආරම්භයේ සමස්ත ආසාදිතයන් ගණන ලක්ෂය සම්පූර්ණ වීමට දින 67ක් ගතවී තිබූ අතර පසුව දින 11ක් තුළ එම ගණන දෙලක්ෂය බවට පත්ව ඇති බවය.
 
සමස්ත ආසාදිතයන් ගණන දෙලක්ෂයේ සිට තුන්ලක්ෂය දක්වා ඉහළ ගොස් තිබුණේ දින 4ක් ඇතුළත යැයි ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා  පෙන්වා දෙයි.
 
ඒ අනුව ගොලීය වසංගත තත්ත්වය මැඩපැවැත්වීමට සාමාජික රාජ්‍ය වහා කටයුතු කළ යුතුව ඇතැයිද හෙතෙම අවධාරණය කර ඇත.
අද (24) මේ වන විට ලෝකය පුරා කොවිඩ් 19 වෛරසය ආසාදිතයන් වූ ප්‍රමාණය 382420ක් වන අතර මියගිය ගණන 16569 ක් වෙයි. සුවවූ ප්‍රමාණය 102513 ක් ලෙස වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න