ආණ්ඩුව කොරෝනා හෑල්ලුවට ගත්තා : සජිත් මහින්දට ප්‍රතිචාර දක්වයි !

ආණ්ඩුව කොරෝනා  හෑල්ලුවට ගත්තා : සජිත් මහින්දට ප්‍රතිචාර දක්වයි !

කොරෝනා වෛරසය මඟින් එල්ලවිය හැකි අවධානම සම්බන්ධයෙන් වැදගත් ප්‍රශ්නයක් ලෙස සළකා කාලෝචිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් ජනවාරි සහ පෙබරවාරි මාස වල පාර්ලිමේන්තුවේදී අවධාරණය කළත් ආණ්ඩුව එය හෑල්ලුවට ලක්කළ බව හිටපු විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ අගමැති මහින්ද රාජපක්ෂ විසින් නිවේදනයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ වෙත සිදුකල විවේචනයට ප්‍රතිචාර දක්වමින් ඊයේ (23) නිකුත් කළ නිවේදනයක් හරහාය.
තමන් කිසිඳු අවස්ථාවක නිරෝධායන කටයුතු අඩාල කිරීමට කටයුතු කර නැති බවද එම නිවේදනයේ සමගි ජන බලවේගයේ නායකයා අවධාරණය කර ඇත.
එසේම කොරෝනා වෛරසය මැඩලීම වෙනුවෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග වල අඩුපාඩු රැසක් ඇති බවත් සඳහන් කරන ඔහු ඒවා පැවසීමට මේ වෙලාව නොවන බවත් මේ මොහොතේ වැදගත් වන්නේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීම වෙනුවෙන් කාර්යක්ෂමව ක්‍රියාකිරීම බවත් අවධාරණය කර ඇත.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

90515386 10157254085760186 8009514932116652032 n

90522434 10157254085750186 3482539086244216832 n

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න