ලංකාවේ කොරෝනා ආසාදිතයින් 102 යි: ඉන්දියාව ටෝටල් ලොක්ඩවුන් කරයි !

ලංකාවේ කොරෝනා ආසාදිතයින් 102 යි: ඉන්දියාව ටෝටල් ලොක්ඩවුන් කරයි !

අද (24) වන විට මෙරටින් සොයාගත්  කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 102 දක්වා  ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

එසේම ආසාදිතයින් බවට  තහවුරු නොවූ 229ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ  නේවාසිකව තබාගෙන සිටින බවත් එම ආරංචි මාර්ග පවසයි.

ඉන්දියාව ටෝටල් ලොක්ඩවුන් !

මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද එරට ජනතාව අමතමින් පවසා සිටියේ ඉන්දියාව ද ‘ටෝටල් ලොක්ඩවුන්’ හෙවත් රට සම්පූර්ණයෙන් වසා දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන බවය.

ඒ අනුව අද (24) මධ්‍යම රාත්‍රියේ සිට දින 21ක් දක්වා ඉන්දියාවේ කටයුතු සියල්ල නවතා දමන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් ඔහු මෙසේ පවසා තිබිණ.

‘‘අද මධ්‍යම රාත්‍රියේ සිට මුළු රටම ‘ලොක්ඩවුන්’ ක්‍රමය අනුගමනය කරනවා. ඉන්දියාව ආරක්ෂා කරගැනීමට, ඉන්දියාවේ සෑම පුරවැසියකුම ආරක්ෂා කරගැනීමට ඔබ, ඔබේ පවුල, සෑම වීදියක්ම, ඔබේ අසල්වැසියන් සියලු දෙනා ‘ලොක්ඩවුන්’ කරනවා’’

ලොව විශාලතම ජනගහනයක් සහ ආර්ථික ස්ථරායනය අතින් සංකීර්ණ බෙදීම් උසුලන ඉන්දියාව වැනි රටක් සමස්ථ රටම ආවරණය වන ආකාරයට "ටෝටල් ලොක්ඩවුන් " කිරීම එක්වරම අදහාගත නොහැකි තත්ත්වයක් වුවත් විචාරකයන් මෝදි අගමැතිවරයා ගේ ක්‍රියාව අනුමත කරයි.

ඒ ලොක්ඩවුන් කිරීමට පමාවූ රටවල් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම හමුවේ නැතිවූ ජීවිත ප්‍රමාණය අධිකවීම සහ වෛරසය ව්‍යාප්තවීම එක්තරා අදියරකට පසුව පාලනය කිරීමට අතිශයින්ම දුෂ්කර නිසාය.

ලංකාවේ ලොක්ඩවුන් මතය !

කෙසේ වුවත් ලංකාව ලොක්ඩවුන් කර වෛරසය ව්‍යාප්තවීම පාලනය කළයුතු බවට  පසුගිය දින වල  වෛද්‍ය ක්ශේත්‍රයේ ප්‍රවීණයන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , විද්වතුන් , විද්‍යා ගවේෂකයන් මෙන්ම, දේශපාලනඥයින් , මාධ්‍යවේදීන් ද  අවධාරණය කෙරිණ.

නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ සම්බන්ධව සෘන අදහසක් දැරූ අතර ඔහු වරෙක සඳහන් කර සිටියේ යුධ සමයේ  5000කට අධික ප්‍රමාණයක් මියයන විට රට  ලොක්ඩවුන් නොකළ බවය.

පසුව එම මතය නිවැරැදි බව තහවුරු කිරීමට සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීන් සහ ආණ්ඩුවේ ප්‍රධානීන් වෙතින් ලකුණු දමා ගැනීමේ මාරාන්තික උත්සාහයක නිරතව සිටින්නන් කිහිපදෙනකු උත්සාහ දරණුද පෙනෙන්නට තිබිණ.

ඔවුන් වරෙක ලොක්ඩවුන් යෝජනා කරන පාර්ශ්ව වෙත පමණක් නොව ෂට්ඩවුන් යෝජනා කිරීම හේතුවෙන් විපක්ෂයේ දේශපාලනඥයින් ට ද උපහාස අපහාස කරනු දක්නට ලැබිණ.

තායිලන්තයේ හදිසි තත්ත්වයක් !

මේ අතර කොරෝනා  වයිරසය මැඩපැවැත්වීම සඳහා තායිලන්තයේ මාසයක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
 
මේ අනුව මාර්තු 26 වනදා සිට රටපුරා හදිසි තත්ත්වය බලපැවැත්වෙන බව තායිලන්ත බලධාරීන් පවසයිිි..
 
මැලේසියාවෙන් පසු මේ  කළාපයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව තායිලන්තයෙන් වාර්තා වන බව විදෙස් මාධ්‍ය  වාර්තා සඳහන් කර සිටින අතර එරට  මේ වනවිට 4දෙනකු මියගොස් ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න