බොරතෙල් මිල තවත් පහළට : අපිට සැමනුත් නෑ පරිප්පුත් නෑ !

බොරතෙල් මිල තවත් පහළට : අපිට සැමනුත් නෑ පරිප්පුත් නෑ !

ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) නිකුත් කළ ජාත්‍යන්තර බොරතෙල් මිල ගණන්වලට අනුව ‘බ්‍රෙන්ට්’ වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 27.82ක් ලෙසත් ඔපෙක් (තෙල් අපනයන කරන රටවල) වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 24.72ක් ලෙසත් දැක්විණි.

ඒ අනූව ලෝක වෙළෙඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල ඉතිහාසයේ පෙර නොවූවිරූ ලෙස පහළට වැටී ඇත.
ඉන්ධන මිල සූත්‍රය පැවතියේ නම් මේ වන විට  ඉන්ධන මිල අතිවිශාල ලෙස අඩුවීමේ වාසිය ජනතාව වෙත ලැබීමට හැකියාව තිබුණි. එසේම ඉන්ධන මිල හේතුවෙන් මිල වැඩි වූ භාණ්ඩ සහ සේවා රැසකද මිල පහළට ගොස් ජනතාව වෙත ආර්ථික සහන රැසක් ලැබීමට පැහැදිලි ඉඩක් තිබිණ.
තෙල් මිල අඩු වූවත් ලංකාවේ නෑ !
නමුත් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී ඇත්තේ ලෝක වෙළෙඳපොළ ඉන්ධන මිල සහනය ජනතාව වෙත ලබාදීම වෙනුවට වසර පුරාම මේ ඉන්ධන මිල පවත්වාගෙන යාමය.
ඒ බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ පැවසීය. ඒ අනූව මෙරට ජනතාව වසරේ ඉදිරි කාලය තුළ එනම් තවත් මාස 9ක් පමණ ගෙවීම් කරන්නේ ලෝක වෙළෙඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70 කට තිබියදී ගෙවූ මිලටය.
සැමන් සහ පරිප්පු මිල සහනය !
මේ අතර ආණ්ඩුව පසුගියදා පවසා සිටියේ ඉන්ධන මිලේ සහනය පරිප්පු සහ සැමන් මිල අඩු කිරීම හරහා ජනතාව වෙත දෙන බවය. නමුත් මේ වන විට වෙවෙළෙඳපොළ තුළ සැමන් සහ පරිප්පු හිඟය.
ඒ ගැන ඊයේ (23) සහ අද (24) ජනතාව බලධාරීන්ට දොස්පවරනුද අසන්නට දකින්නට ලැබිණ.
දැනෙන සහන දෙන්න !
මේ වන විට කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැඩිවීමේ අවධාමක් ඇති බැවින් රට  පුරා ඇඳිරි නීතිය පනවා තිබේ. ඒ හේතුවෙන් ජනතාව ආර්ථික වශයෙන් දැඩි පීඩාවකට මුහුණදී සිටින අතර ඉන්ධන මිල අඩුවීමේ සහනය ඔවුන්ට ලැබුණේ නම් මේ ආර්ථික දුෂ්කරතාව යම් ප්‍රමාණයකට අඩු වන්නට තිබූ බව ජනතාවගේ විශ්වාසය වෙයි.
එසේම ඇතමුන් පවසන්නේ මූල්‍ය ආයතන හරහා දෙන තේරුම් ගත නොහැකි සහන වෙනුවට මෙවැනි සැබෑ සහනයක් මේ දුෂ්කර මොහොතේ හෝ ලැබෙනවා නම් වැදගත් බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න